අන්තර් සම්බන්ධිත සයිබර් ලෝකය ලොව පුරා සිටින සෑම කෙනෙකුටම ඉමහත් ප්රතිලාභ ලබා දෙයි. කෙසේ වෙතත්, සයිබර් ලෝකය තුලද සැබෑ ලෝකයට සමාන හෝ ඊටත් වඩා වැඩි අවදානම් ඇති බව මිනිසුන්ට අමතක ය.
සයිබර් අපරාධකරුවන් ඔබේ පුද්ගලික තොරතුරු, මූල්‍ය තොරතුරු මෙන්ම ඔබේ සම්බන්ධතා පිළිබඳව විමසිල්ලෙන් පසුවේ . එබැවින්, සයිබර් අවකාශය තුළ උපරිම ප්රතිලාභ ලබා ගන්නා අතර එමගින් අපව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් වේ.
සයිබර් ආරක්ෂණයේදී මානව සාධකය විවිධාකාර සයිබර් තර්ජන හා ප්රහාරයන්ට දොර විවර කළ හැකි දුර්වලම සම්බන්ධකය ලෙස සැලකේ. තොරතුරු සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ මානව සාධකය අවතක්සේරු කිරීමට අපි නැඹුරු වී සිටියෙමු . තාක්ෂණය පරිණාමය සමග අප විවිධ අභියෝග හා ප්රතිලාභ වලට මුහුණ දෙන ආකාරයටම සයිබර් තර්ජනයන්ට නිරපේක්ෂ විසඳුමක් නොමැති බව මතක තබා ගැනීම වැදගත්ය.
කෙසේ වෙතත්, ඔබගේ අන්තර්ජාල ආරක්ෂාව ආරක්ෂා කිරීමට බොහෝ ක්‍රම තිබේ, එය ආරම්භ වන්නේ කාලීන වෙබ් තර්ජන, ගැටළු සහ අභියෝග පිළිබඳව ඔබ සහ ඔබගේ පවුලේ අය දැනුවත් වීමෙනි.
එබැවින් අපගේ තොරතුරු සහ තොරතුරු පද්ධති ආරක්ෂා කිරීම සඳහා සයිබර් ආරක්ෂණය පිලිබඳ දැනුවත්භාවය විශාල කාර්යභාරයක් ඉටු කරයි. සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය යනු සයිබර් තර්ජන යනු කුමක්ද යන්න තේරුම් ගැනීම, සයිබර් ප්‍රහාරයක් මගින් ඇති විය හැකි බලපෑම සහ අවදානම අවම කිරීමට සහ සයිබර් අපරාධවලට භාජනය වීම වැළැක්වීමට ගතහැකි පියවර ගැන දැන ගැනීමයි.
සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය, තර්ජන වළක්වා ගැනීමට අනතුරු ඇඟවීම් සහ ආරක්ෂක ක්‍රියාමාර්ග සයිබර් ලෝකයේ ඔබගේ සහ අනෙක් අයගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත්ව සිටීමට ඔබට උපකාරී වේ. මේවා නොසලකා හැරීම පැහැදිලිවම ඔබ සහ අනෙක් අය අවදානමට ලක් කරයි.
එබැවින්, ඔබටත් අන් අයටත් උදව්වක් ලෙස අන්තර්ජාල ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වී සිටින්න. හැකි සැමවිටම සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ලබා ගන්න. ප්‍රතිපල සුබදායක වේ .
ඔබේ ආරක්ෂාව ආරම්භ වන්නේ දැනුවත් වීමෙන් බවත් එම දැනුවත්භාවය ඔබෙන් ආරම්භ වන බවත් මතක තබා ගන්න.
තනි පුද්ගලයෙකු ලෙස ඔබ අවම වශයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව දැනුවත් විය යුතුය.
දැනුවත් වීමට පිවිසෙන්න, තතුබෑම්
දැනුවත් වීමට පිවිසෙන්න, සෝෂල් ඉංජිනියරින්
දැනුවත් වීමට පිවිසෙන්න, ආරක්ෂිත අන්තර්ජාල භාවිතය
දැනුවත් වීමට පිවිසෙන්න, මට සමාජ මාධ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් තිබේ
දැනුවත් වීමට පිවිසෙන්න, පෞද්ගලිකත්වය