ඔබට ලැබෙන ව්‍යාජ යෙදුම් පිළිබඳව සැලකිලිමත් වන්න

Languages: සිංහල. post_translations: pll_62ccd60841f4f. Risk Level: High.

මේ දිනවල රටේ පවතින ඉන්ධන අර්බුදයත් සමග, ව්‍යාජ සබැදියන් භාවිතා කරමින් ඔබගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීම් සම්බන්ධ සිද්ධීන් ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වී ඇත.

මෙහිදී සිදුවන්නේ ඔබට ඉන්ධන ලබාගැනීම සදහා අංකයක් (Token) ලබා ගැනීම සදහා ලියාපදිංචි (register) කරගැනීමයි. මෙලෙස ව්‍යාජ ලෙස ලියාපදිංචි කරගැනීමේදී ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු (ජංගම දුරකතන අංක, වාහන ලියාපදිංචි අංක, හැදුනුම් පත් අංක මෙලෙස සොරාගනු ලබන සමහර පෞද්ගලික තොරතුරු වේ) අපරාධකරුවන් සොරා ගනු ලබයි.

පසුව මෙම අපරාධකරුවන් විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු නීති විරෝධී කටයුතු සදහා භාවිතා කරනු ලබන අතර සමහර අවස්තා වලදී සමාජ මාධ්‍ය වල ව්‍යාජ ගිනුම් ආරම්භ කරගැනීම සදහා ද භාවිතා කර ඇත.

එම නිසා ඔබට ලැබෙන මෙවනි ව්‍යාජ සබැදියන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරනු ලෙස ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය වශයෙන් ඔබගෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

Recent Alerts