මුරපදය වෙනත් අය සමග බෙදාගත්තොත් ආරක්ෂාව අනතුරේ වෙන්නේ ඇයි ?
ගිණුම්වල හිමිකාරිත්වය අහිමි විය හැකි අතර ඔබේ නම, රූපය අනිසි ලෙස භාවිත කළ හැකිය.
මතක තබා ගන්න, යම් පුද්ගලයෙක් ඔබගේ ගිණුමකට ලොග් වීමට ඔබගේ මුරපදය භාවිතා කරන්නේ නම්, ඔවුන් සතුව ඔබගේ ගිණුම පවතිනු ඇත. එයින් අදහස් වන්නේ ඔවුන් සිදු කරන ඕනෑම ක්රියාවක් ඔබගේ නමින් සිදු කරන බවයි. එවිට එම පුද්ගලයා හානිකර ක්රියාකාරකම්වල යෙදීමට හෝ නුසුදුසු අන්තර්ගතයට ප්රවේශ වීමට තෝරා ගන්නේ නම්, එහි ප්රතිවිපාකවලට මුහුණ දෙන්නේ ඔබයි. සමහර අවස්ථාවලදී මෙය ඉතා බරපතළ තත්වයන් දක්වා වර්ධනය විය හැකිය.
ඇත්ත වශයෙන්ම, මෙය ඔබ මුරපදය ලබා දුන් පුද්ගලයාට පමණක් එය සීමා නොවේ – ඔවුන් ඔබේ තොරතුරු ආරක්ෂිතව ගබඩා නොකරන්නේ නම්, ඔබගේ විස්තර භාවිතා කරමින් මෙම හානිකර ක්රියාකාරකම් වල යෙදෙන තුන්වන පාර්ශ්වයන් විසින් ද සිදු කළ හැකි බැවින් ඔබගේ මුරපදයේ ආරක්ෂාව පිළිබද ඔබ සැලකිලිමත් වන්න.