රැන්සම්වෙයාර් (කප්පම් මෘදුකාංග) යනු කුමක්ද?
රැන්සම්වෙයාර් යනු ද්වේශසහගත මෘදුකාංගයක් වන අතර කප්පම් මුදලක් ගෙවන තුරු පුද්ගලයෙකුගේ හෝ ආයතනයක දත්ත ඇපයට තබා ගනී. මෙම සයිබර් අපරාධයේදී පරිගණක ජාල, ජංගම උපාංග සහ සේවාදායක පරිගණක වල තොරතුරු වෙත ප්‍රවේශය අවහිර කර එම දත්ත නිදහස් කිරීම සඳහා වින්දිතයින්ට ගෙවීමක් සිදු කරන ලෙස බලපෑම් කරනු ලබයි. සාමාන්‍යයෙන් ගෙවීම ඉල්ලනු ලබන්නේ බිට්කොයින් හරහාය. එනම් හිමිකරු සොයා ගැනීමට දුෂ්කර වූ ගුප්තකේතන මුදල් ය.
කප්පම් මෘදුකාංග ප්‍රහාර වලින් කිසිවෙකු ආරක්ෂිත නොවේ. සයිබර් අපරාධකරුවන් ඉලක්ක කරන්නේ සමාගම් සහ පුද්ගලයින් ය. ආසාදිත උපාංගය ආයතනයක් සතු ජාලයක තිබේ නම් අදාළ අනිෂ්ට මෘදුකාංග වලට මුළු ජාලය පුරාම ව්‍යාප්ත වී එම ජාලයේ ඇති සියලුම උපාංග සංකේතනය කළ හැකිය.
කප්පම් මෘදුකාංග ඵලදායී ආකාරයෙන් වලක්වා ගැනීම සඳහා, පරිශීලකයින්ට තමා සහ තම ආයතනය මෙම සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය දැනුවත් කිරීමේ සංස්කෘතියක් ඇති කළ යුතුය.
රැන්සම්වෙයාර් සිදු වන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් රැන්සම්වෙයාර් ප්‍රහාරයක් සිදුවන්නේ පරිශීලකයෙක් නොදැනුවත්ව සම්බන්ධකයක් හෝ ඇමුණුමක් ක්ලික් කිරීමෙන් පහත පොදු කප්පම් මෘදුකාංග ප්‍රහාරක ක්‍රම ක්‍රියාත්මක වන ආකාරයටය:
ඔබ රැන්සම්වෙයාර් ප්රහාරයක ඉලක්කයක් ද?
රැන්සම්වෙයාර් ප්රහාරයක ඉලක්කය ඔබ බවට පත් කළ හැකි සාධක ගණනාවක් තිබේ.
රැන්සම්වෙයාර් ආසාදනය වීමෙන් ඔබ ඔබගේ උපාංග ආරක්ෂා කර ගන්නේ කෙසේද?
රැන්සම්වෙයාර් ආසාදනය වීම වැළැක්වීම සඳහා, එය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව පරිශීලක දැනුවත්භාවය සහ අවබෝධය අත්‍යවශ්‍ය වේ. කප්පම් මෘදුකාංගයේ සැබෑ බලපෑම පරිශීලකයින් තේරුම් ගත් විට, ඔවුන් තමා සහ තම ආයතනය සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් අවදියෙන් කටයුතු කිරීමට පෙළඹේ. රැන්සම්වෙයාර් මඟින් ඔබ උපාංග ආසාදනය වීම වැළැක්වීම සඳහා පහත සඳහන් උපදෙස් ප්‍රයෝජනයට ගත හැකිය.