• මුල් පිටුව
  • අප ගැන
  • සම්පත්
    • වාර්ෂික වාර්තා
    • වෙනත් වාර්තා
  • ප්‍රසම්පාදන
  • මාධ්‍ය
  • සාමාන්‍ය ජනතාව
  • ව්‍යාපාර
  • රාජ්‍ය ආයතන
සඳහා තොරතුරු
  • General Public
  • Businesses
  • Government

මුල් පිටුව » විමසිලිමත් වන්න – අන්තර්ජාල වංචාවන්ට ගොදුරු වීමෙන් වැළකෙමු.

විමසිලිමත් වන්න – අන්තර්ජාල වංචාවන්ට ගොදුරු වීමෙන් වැළකෙමු.


අන්තර්ජාල වංචාවන් (Internet scams) වේගයෙන් වර්ධනය වෙමින් පවතී. වංචා (scams) යනු සිය සංවේදී තොරතුරු හෝ මුදල් නිකරුණේ ලබා දීමට මිනිසුන් පොළඹවන වංචනික ක්‍රම වේ. 2015 සිට 2020 දක්වා කාලය තුළ වංචා සිදුවීම් වල 60% ක වර්ධනයක් වාර්තා වී ඇති අතර 2021 ජනවාරි සිට 2021 මැයි දක්වා ගත වූ මාස පහක කාලය තුළ ශ්‍රී ලංකා සර්ට් ආයතනයට මෙබඳු වංචනික සිදුවීම් 148 ක් වාර්තා වී තිබේ. ලොව පුරා සිටින සයිබර් අපරාධකරුවන් බොහෝ විට ඔබ සතුව ඇති පරිගණකයක් හෝ ජංගම උපාංගයක් ඉලක්ක කර ගනී.

ශ්‍රී ලංකාවේ වාර්තා වූ අන්තර්ජාල වංචාවන් සහ එම වංචාවලින් ඔබේ පුද්ගලික තොරතුරු සහ මුදල් ආරක්‍ෂා කර ගැනීම සඳහා වැදගත් තොරතුරු කිහිපයක් මෙහි දැක්වේ.

ලොතරැයි වංචා – ඔබ ලොතරැයියකින් විශාල මුදලක් හෝ අපූරු ත්‍යාග දිනාගෙන ඇති බව හෝ ඔබට ඇමරිකා එක්සත් ජනපදයට ග්‍රීන් කාඩ් ලොතරැයිය දිනාගෙන ඇති බව පවසමින් ඔබට විද්‍යුත් තැපෑලක්, කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලැබෙනු ඇත. මෙම වංචාවන් වලදී ත්‍යාගය ලබා ගැනීම සඳහා මුලින් මුදල් තැන්පත් කිරීමට හෝ නැතිනම් ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දීමට ඔබව පෙළඹවීම සිදු කෙරේ.

රැකියා ඇබෑර්තු වංචා – මෙම වංචාවන් වලදී ඔබට නිවසේ සිටම රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ව්‍යාපාරික අවස්ථා සඳහා ආයෝඡනය කරන ලෙස ඔබෙන් ඉල්ලයි. ලියාපදිංචිය සඳහා මුලික ගෙවීමක් කිරීමෙන් පසු ඉහළ වැටුපක් හෝ විශාල ආයෝජන ප්‍රතිලාභයක් සහිත රැකියාවක් ලබා දෙන බව පවසනු ලැබේ. මෙම වංචාවන් බොහෝ විට ඔබවෙත යොමු කරනුයේ අයාචිත විද්‍යුත් තැපැල් හෝ වෙබ් අඩවි වල හෝ සමාජ මාධ්‍ය වල පල කරනු ලබන දැන්වීම් මගිනි.

මාර්ගගත සාප්පු සවාරි වංචා – ප්‍රසිද්ධ වෙළඳ නාම සහිත භාණ්ඩ සඳහා “ලාභදායී වට්ටම්” ලබා දෙන බව පවසන ව්‍යාජ වෙබ් අඩවි තිබේ. මෙම බොහෝ වෙබ් අඩවි වලින් ජනප්‍රිය ඇඳුම්, ස්වර්ණාභරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි මිල අධික භාණ්ඩ ඉතා අඩු මිලට ලබා දේ. ඔබ භාණ්ඩය මිලට ගෙන මිල ගණන් ගෙවූ පසු ඔබට ව්‍යාජ භාණ්ඩයක් ලබා දීම හෝ කිසිඳු භාණ්ඩයක් නොලැබීම සිදු වනු ඇත.
මෙම වංචාවල නවතම ආකාරය වනුයේ ව්‍යාජ අන්තර්ජාල වෙළඳසැල් පිහිටුවීම සඳහා සමාජ මාධ්‍යයන් භාවිතා කිරීමයි. මෙම වෙළඳසැල් කෙටි කාලයක් සඳහා විවෘතව පවතින අතර බොහෝ විට ප්‍රසිද්ධ වෙළඳ නාම සහිත ඇඳුම් හෝ ආභරණ අලෙවි කෙරේ. අලෙවි කිරීම් ගණනාවක් සිදු කිරීමෙන් පසු භාණ්ඩ ලබා නොදී අන්තර්ජාල වෙළඳසැල අතුරුදහන් වේ. සමහර විට මෙම ව්‍යාජ විකුණුම්කරුවන් තම ව්‍යාජ වෙබ් අඩවි ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍යයන් ද භාවිතා කරති.

පුණ්‍ය කටයුතු සහ වෛද්‍යමය ආධාර සම්බන්ධ වංචාවන් – හොඳ අරමුණක් සඳහා පරිත්‍යාග කිරීමට කැමති ත්‍යාගශීලී පුද්ගලයින්ගෙන් වංචනිකයින් ප්‍රයෝජන ලබයි. වංචනිකයින් මේ සඳහා මෑත කාලීනව සිදුවූ ස්වාභාවික විපතක් හෝ ප්‍රවෘත්ති වල පළවූ අර්බුදයක් භාවිතා කළ හැකිය, නැතහොත් අසනීප වූ දරුවාකුගේ ශල්‍යකර්මයකට උදව් කරන ලෙස ඔවුන් ඔබෙන් ඉල්ලා සිටිය හැකිය. මෙබඳු වංචා ඊමේල්, සමාජ මාධ්‍ය පෝස්ට්, කෙටි පණිවිඩ හෝ දුරකථන ඇමතුම් වැනි බොහෝ ආකාරවලින් ඔබ වෙත පැමිණිය හැකිය.

ව්‍යාජ පාර්සල් බෙදා හැරීමේ වංචා- මෙම වංචාවලදී භාණ්ඩ බෙදා හැරීම සඳහා නිකුත් කිරීම සඳහා ගාස්තුවක් හෝ රේගු ගාස්තුවක් ගෙවිය යුතු බව සඳහන් ඊමේල්, කෙටි පණිවුඩ හෝ දුරකථන ඇමතුමක් ඔබට ලැබේ.

මෙම වංචාවන් වළක්වා ගැනීමට පහත සඳහන් උපදෙස් ඔබට උපකාරී වනු ඇත:

  • යහපත් සයිබර් සනීපාරක්ෂාව පුරුදු කරන්න:
    1. ඔබ නොදන්නා පුද්ගලයින්ගේ සම්බන්ධක ක්ලික් කිරීම හෝ සැක සහිත ඊමේල් ඇමුණුම් විවෘත කිරීම නොකරන්න.
    2. වෙබ් අඩවි සම්බන්ධක ක්ලික් කිරීම වෙනුවට ඒවා අතින් ටයිප් කරන්න.
    3. විද්‍යුත් තැපෑලකට, දුරකථන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට ප්‍රතිචාර වශයෙන් ඔබේ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු ලබා නොදෙන්න.
  • විද්‍යුත් තැපෑලකට, දුරකථන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට ප්‍රතිචාර වශයෙන් මුදල් තැන්පත් නොකළ යුතු බව මතක තබා ගන්න. ඔබ ඉල්ලුම් නොකළ ලොතරැයියකින් ඔබට ත්‍යාගයක් දිනා ගත නොහැක, නැතහොත් ඔබ ඇණවුම් නොකර කිසිවෙකු ඔබට එකවර නොමිලයේ පාර්සල් එවන්නේ නැත.
  • ඔබ දන්නා හා විශ්වාස කරන වැඩ කරන ස්ථාපිත පුණ්‍යායතන හෝ කණ්ඩායම් සඳහා පමණක් පරිත්‍යාග කිරීම් සිදු කරන්න.
  • ඔබ භාණ්ඩ මිලදී ගන්නේ පිළිගත් මූලාශ්‍රයකින් ද යන්න තහවුරු කර ගෙන ඒවා නීත්‍යානුකූල දැයි තහවුරු කර ගැනීමට පුද්ගලයා හෝ සමාගම පරීක්‍ෂා කරන්න. වෙනත් ගනුදෙනුකරුවන්ගේ සමාලෝචන සොයන්න. සත්‍ය වීමට නොහැකි ලාභදායී දීමනා ගැන සැක සහිත වන්න.
  • ඔබේ රටෙන් පිටත සිටින පුද්ගලයින්/සමාගම් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න.
  • සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කර තිබු පමණින් එය විශ්වාස නොකරන්න.
  • ඔබ මාර්ගගත ගෙවීමක් සිදු කරන්නේ නම්, ආරක්‍ෂිත ගෙවීම් සේවාවක් භාවිතා කිරීමට වග බලා ගන්න: වෙබ් අඩවි ලිපිනය ආරම්භ වන්නේ ‘https’ සහ සංවෘත අගුළු ලකුණකින් ද නැත්නම් PayPal වැනි ගෙවීම් සැපයුම්කරුවෙකුගෙන් ද යන්න පරීක්‍ෂා කරන්න. බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් භාවිතා කර ගෙවීමට පෙර දෙවරක් සිතන්න. ඔබ ගෙවීම සිදු කල පසු ඔබේ මුදල් ආපසු ලබා ගැනීමට ඔබට නොහැකි වේ.
  • ඔබ මේ සම්බන්ධ කාරණයක් සඳහා කුමක් කළ යුතු යැයි නොදන්නේ නම් දැනුමක් ඇති යම් විශ්වාසවන්ත පාර්ශවයකින් උපකාර පැතිය යුතුය.
අප සමග සම්බන්ධ වන්න

  • සයිබර් ආරක්‍ෂාව සම්බන්ධව අද අප ගන්නා තීරණය හෙට අප ජීවත් වන සමාජයේ ආරක්ෂාව තීරණය කරයි.
  • අදාළ සබැඳිය

    • Sri Lanka CERT|CC

සබැඳි

  • මුල් පිටුව
  • සම්පත්
  • ප්‍රකාශන
  • අප ගැන
  • විමසීම්

අප අමතන්න

ලිපිනය
ශ්‍රී ලංකා CERT,
කාමර 4-112, බී.එම්.අයි.සී.එච්, බෞද්ධාලෝකමාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.

දුරකථන
+94 11 269 1692 / +94 11 269 5749
+94 11 267 9888

විද්යුත් තැපෑල
cert@cert.gov.lk

161001
Total Users : 161001
© Sri Lanka CERT|CC 2023. All rights Reserved.
නිමැවුම සහ සම්බන්ධීකරණයProcons Infotech
WordPress Lightbox
Skip to content
Open toolbar Accessibility Tools

Accessibility Tools

  • Increase TextIncrease Text
  • Decrease TextDecrease Text
  • GrayscaleGrayscale
  • High ContrastHigh Contrast
  • Negative ContrastNegative Contrast
  • Links UnderlineLinks Underline
  • Readable FontReadable Font
  • Reset Reset