ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය ජාතික මට්ටමේ සමීක්ෂණ කිහිපයක් ආරම්භ කර ඇත.
1. රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු හා සයිබර් ආරක්ෂණ කුසලතා ඇගයීමේ සමීක්ෂණය
සයිබර් ප්රහාරයන්ට එරෙහිව සටන් කිරීමේදී ලොව පුරා ආයතන දෘඩාංග යටිතල පහසුකම් සහ මෘදුකාංග යෙදුම් ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. කෙසේ වෙතත්, සයිබර් ආරක්ෂාවේ දුර්වලම අංශය ලෙස පොදුවේ තේරුම් ගත හැකි මානව අංශ කෙරෙහි අවධානය යොමු වීමේ අඩුපාඩුවක් තිබේ. ආයතන වල ඩිජිටල් පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා තොරතුරු සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ නිලධාරීන්ගේ අවබෝධය, දැනුම සහ සංජානනය වැදගත් වන නමුත් බොහෝ ආයතන තොරතුරු සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ මානව සාධකය අවතක්සේරු කරති. ලොව පුරා පිළිගත් පර්යේෂණයන්ගෙන් හෙළි වන්නේ සයිබර් ආරක්ෂක සිදුවීම් වැළැක්වීම සඳහා සේවකයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුට දැනුවත්වීම, කුසලතාවයන් සහ දැනුම නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බව ද පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, තොරතුරු සහ සයිබර් ආරක්ෂාව සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සූදානම වෙත ප්‍රවේශ වීම සඳහා මේ දක්වා නිසි අධ්‍යයනයක් සිදු කර නොමැත. එම නිසා, ශ්‍රී ලංකා සර්ට් ආයතනය රාජ්‍ය අංශයේ සේවකයින් සම්බන්ධ කොට ගෙන ඔවුන්ගේ තොරතුරු ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව ඩිජිටල් රාජ්‍ය පරිසරයක වැඩ කිරීමට ඇති සූදානම තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කළේය. සමීක්ෂණයේ සොයාගැනීම් තොරතුරු ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ සමස්ත නිපුණතාව ඉහළ නැංවීමේ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා යොදා ගනු ඇත.
ව්‍යාපෘති අරමුණු
මේ දක්වා (2021.06.20) ප්‍රගතිය
විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමෙන් පසු මල්ටිටෙක් (පුද්ගලික) සමාගමට මෙම ව්‍යාපෘතිය පිරිනමන ලදි. ප්‍රශ්නාවලිය සකස් කළේ ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ මගපෙන්වීම යටතේය. රාජ්‍ය ආයතන 236 ක සේවකයින් 3540 ක් සඳහා දත්ත එකතු කිරීම මේ වන විටත් අවසන් කර ඇත. දැනට, දත්ත විශ්ලේෂණය මත පදනම්ව, තොරතුරු සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ගේ සමස්ත සූදානම ඉහළ නැංවීම සඳහා මෙහෙයුම් උපාය මාර්ග සැකසීම සිදු වෙමින් පවතී.
2. සයිබර් ආරක්ෂණ වෘත්තිය සදහා ඇති ඉල්ලුම සහ සැපයුම ඇගයීමේ සමීක්ෂණය
ඩිජිටල්කරණය මඟින් ලබා දෙන නොයෙකුත් ප්රතිලාබයන් සමඟම ඍණාත්මක බලපෑම් ඇති කරනු ලබන තර්ජන සහ අවදානම් ද මතුවෙමින් තිබේ. මෑත කාලයේ ප්රහාරකයන්ගේ ප්‍රධාන ඉලක්ක බවට මුල්‍ය ආයතන, ආරක්ෂක ආයතන සහ රජයේ ආයතන පත්ව ඇත. එම නිසා සයිබර් තර්ජන කල් ඇතිව හඳුනා ගත යුතු අතර වැළැක්වීමේ පියවර කල් ඇතිව ගත යුතුය. මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු පුද්ගලයින්ගේ දැනුවත්භාවය නොමැතිකම සහ අවශ්‍ය නිපුණතා නොමැතිකම හේතුවෙන් බොහෝ ප්‍රහාර සාර්ථක විය. මෙම සන්දර්භය තුළ, මෙම සයිබර් ප්‍රහාර හඳුනා ගැනීම, ආරක්ෂා කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා තොරතුරු සහ සයිබර් ආරක්ෂණය පිලිබඳ දැනුමැති හා ඉහළ කුසලතා ඇති වෘත්තිකයන් ලබා ගත හැකි බව සහතික කිරීම අවශ්‍ය වේ.
සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයින්ගේ දේශීය හිඟය විසඳීම සඳහා අද වන විට ලංකාවේ ගෙන ඇති ක්‍රියාමාර්ග වල දැඩි හිඟයක් පවතී. එම නිසා, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ අරමුණ වන්නේ සයිබර් ආරක්ෂක වෘත්තිකයින්ගේ සැපයුම සහ ඉල්ලුම අතර ඇති පරතරය විශ්ලේෂණය කිරීම සඳහා ජාතික මට්ටමේ සමීක්ෂණයක් පැවැත්වීමයි. මෙම විශ්ලේෂණයේ ප්‍රතිඵල මෙරට සයිබර් ආරක්ෂක වෘත්තිකයින්ගේ සැපයුම හා ඉල්ලුමේ හිඟය පිරවීම සඳහා සුදුසු උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් භාවිතා කරනු ඇත.
ව්‍යාපෘති අරමුණු
මේ දක්වා (2021.06.20) ප්‍රගතිය
විවෘත ටෙන්ඩර් පටිපාටියකින් පසුව, මෙම ව්‍යාපෘතිය IPID ආයතනය වෙත ප්‍රධානය කරන ලදී. ප්‍රශ්නාවලිය සහ අනෙකුත් කටයුතු සැකසීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ අනුමැතියෙනි. මේ වන විට සමීක්ෂණයේ 70% ක් සම්පුර්ණ වී ඇති අතර, ඉල්ලීම් හා සැපයුමට අදාළ දත්ත ප්‍රශ්නාවලිය මඟින් තක්සේරු කර තහවුරු කර ඇත.
3. තීරණාත්මක සේවා සපයන ආයතනවල සයිබර් ආරක්ෂණ සූදානම ඇගයීමේ ජාතික සමීක්ෂණය.
ඩිජිටල් රාජ්‍ය මුලපිරීම් රටේ පුරවැසියන්ට සහ රජයට අතිමහත් ප්රතිලාභ ගෙනදුන්නද, අනිෂ්ට මෘදුකාංග ප්‍රහාර, අනවසරයෙන් ප්‍රවේශ වීම සහ සේවා වලට එල්ලවන ප්‍රහාර වැනි විවිධ සයිබර් ප්රහාරයන්ට ද ඔවුන් ලක් විය හැකිය. ඩිජිටල් රාජ්‍ය සේවාවන්ට එල්ල කෙරෙන සයිබර් ප්‍රහාර හේතුවෙන් රාජ්‍ය සේවා සැපයීමට සැලකිය යුතු බාධා ඇති විය හැකි අතර එමඟින් මහජන විශ්වාසය බිඳ වැටේ. රජයේ පුරවැසි තොරතුරු පද්ධති තුළ තම තොරතුරු ආරක්ෂිතව පවත්වා ගැනීමට නොහැකි වන කල මහජනතාව ඩිජිටල්කරණය වැළඳ ගැනීමට මැලි වේ. එබැවින් ඩිජිටල් රාජ්‍ය පද්ධති සහ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු මෙහෙයුම් උපාය මාර්ගයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය ය.
එවැනි උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට පෙර තීරණාත්මක යටිතල පහසුකම් සේවා සපයන්නන්ගේ සමස්ත සූදානම අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය වේ. එබැවින් ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරනුයේ, තීරණාත්මක යටිතල පහසුකම් නඩත්තු කරන ආයතන හඳුනා ගැනීම සහ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් බිඳ වැටීමෙන් ඇතිවන හානිය හඳුනා ගැනීම, තීරණාත්මක යටිතල පහසුකම් සපයන්නන්ගේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම්වල සමස්ත සූදානම සහ එම ආයතන වල සයිබර් ආරක්ෂාව වැඩි කිරීම සඳහා මෙහෙයුම් උපාය මාර්ගයක් සකස් කිරීම අරමුණු කරය.
ව්‍යාපෘති අරමුණු
මේ දක්වා (2021.06.20) ප්‍රගතිය
විවෘත ටෙන්ඩර් පටිපාටියකින් පසුව ව්‍යාපෘතිය KPMG (පුද්ගලික) සමාගමට ප්රදානය කර ඇත. ජාතික තීරණාත්මක සේවාවන් හඳුනා ගැනීම සඳහා ආයතන 60 ක් සමීක්ෂණයට ලක් කළ අතර ඒ අතරින් තෝරාගත් සංවිධාන 35 ක් රටේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් හඳුනා ගැනීම සඳහා සමීක්ෂණය කරන ලදී. ප්‍රතිඵල මත පදනම්ව, තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් සැපයුම්කරුවන්ගේ තොරතුරුවල සූදානම සහ සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා මෙහෙයුම් උපාය මාර්ග සකස් වෙමින් පවතී.
4. මහජනතාවගේ සයිබර් ආරක්ෂණය පිලිබද දැනුම සහ ආකල්ප ඇගයීමේ ජාතික සමීක්ෂණය
අධ්‍යාපනය, රැකියාව ඇතුළු සමාජයේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයක් සඳහාම අන්තර්ජාලය වැදගත් වී ඇත. සමාජයේ සැලකිය යුතු කොටසක් වැඩි වැඩියෙන් අන්තර්ජාලය මත යැපෙන අතර එමඟින් සයිබර් අපරාධවලට ගොදුරු වීමේ අවදානම වැඩි වෙමින් පවතී. සයිබර් අපරාධ සඳහා මෙවැනි අනතුරු වලට ප්‍රධාන හේතුවක් විය හැකි සයිබර් තර්ජන සහ එහි ප්‍රතිවිපාක ගැන පුරවැසියන් තුළ අවබෝධයක් නොමැති වීමයි. උදාහරණ ලෙස අනන්‍යතාවය සොරකම් කිරීම, ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කිරීම සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සහ සමාජ මාධ්‍ය වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම සාමාන්‍යයෙන් සිදුවන්නේ පුරවැසියන්ගේ දැනුවත්භාවය නොමැතිකම හේතුවෙනි. එනිසා නැගී එන සයිබර් තර්ජන ගැන පුරවැසියන් දැනුවත් කිරීම සහ වර්ධනය වන සයිබර් තර්ජන වලින් ආරක්ෂා වීමට අවශ්‍ය දැනුම හා කුසලතාවයන්ගෙන් ඔවුන්ව සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය ය. කිසියම් උපාය මාර්ගයක් යෝජනා කිරීමට පෙර තොරතුරු හා සයිබර් ආරක්ෂාව සම්බන්ධ කටයුතු පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ දැනුවත්භාවය, ආකල්ප හා හැසිරීම් තක්සේරු කිරීම සඳහා මූලික තක්සේරුවක් සිදු කිරීම ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ අරමුණයි.
ව්‍යාපෘති අරමුණු
මේ දක්වා (2021.06.20) ප්‍රගතිය
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව ලබා දුන් නිර්දේශයකට අනුව, මෙම සමීක්ෂණය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සිදු කෙරේ. සමීක්ෂණය සඳහා සමීක්ෂණ ප්‍රශ්නාවලිය සහ අනෙකුත් අදාළ ලියකියවිලි සම්පුර්ණ කර ඇත. නියමු සමීක්ෂණය ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතය.