බොහෝ රාජ්‍ය ආයතන දැන් ඩිජිටල් පද්ධති වල ක්‍රියාකාරිත්වය මත රඳා පවතින හෙයින්, සයිබර් ප්‍රහාරකයන්ට සංවේදී තොරතුරු සොරකම් කිරීම, එදිනෙදා කටයුතුවලට බාධා කිරීම, ආයතන වල කීර්ති නාමයට හානි වීම වැනි හානි සිදු කිරීම සඳහා මෙම ඩිජිටල් පද්ධති උපයෝගී කර ගැනේ. මේ හරහා රාජ්‍ය ආරක්ෂාව, ආර්ථිකය, සහ ජනතාවගේ යහපැවැත්ම අවදානමට ලක්වේ.
රාජ්‍ය ආයතන වලට ඔවුන්ගේ ඩිජිටල් පද්ධති සහ යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීමට උපකාර කිරීම සඳහා, ශ්‍රී ලංකා සර්ට් ආයතනය අවම තොරතුරු ආරක්ෂක ප්‍රමිති (MISS) සකස් කර ඇති අතර එමඟින් ආයතනයේ සංවේදී දත්ත සහ ඩිජිටල් පද්ධති සඳහා අවශ්‍ය අවම ආරක්ෂාව පිළිබිඹු වේ.
මෙම ප්‍රමිති වලට අනුගත වන ලෙස සියලුම ආයතන දිරිමත් කරනු ලබන අතර, ආයතනයක වර්තමාන තොරතුරු ආරක්ෂක සූදානම පරීක්ෂා කිරීම සඳහා ස්වයං තක්සේරුකරණ ප්‍රශ්නාවලියක් මෙම ලේඛනයේ අවසානයේ දක්වා ඇත. මෙම ස්වයං තක්සේරුව සිදු කරන ලෙස ආයතන වලින් ඉල්ලීමක් කෙරේ.
MISS සහ ප්‍රශ්නාවලිය මෙතැනින් බාගත කර ගන්න.