වේගවත් ඩිජිටල් වර්ධනයන් හා දියුණුවත් සමඟ අපගේ දරුවන් ඉතා කුඩා අවධියේදීම අන්තර්ජාලයට නිරාවරණය වේ. අන්තර්ජාල භාවිතය තුල ඔබේ දරුවා සඳහා ආරක්ෂිත ලෝකයක් ගොඩනැගීම දෙමාපියෙකු ලෙස ඔබේ වගකීමකි. අන්තර්ජාලයට සම්බන්ධ වීමෙන් ඔබේ දරුවන් ලෝකයකට සම්බන්ධ කළ හැකිය. කෙසේ වෙතත්, ඒ හරහා නුසුදුසු අන්තර්ගතයන්ට නිරාවරණය වීම සහ භයානක අවස්ථාවන්ට මුහුණදීමේ හැකියාව වැනි අවදානම් ඇත.
එමනිසා, වගකිවයුතු දෙමාපියෙකු ලෙස අන්තර්ජාලය තුල ඔබේ දරුවන් ආරක්ෂා කිරීමට පිළිපැදිය යුතු ආරක්ෂක උපදෙස් ගැන දැනුවත් විය යුතුය.