• මුල් පිටුව
  • අප ගැන
  • සම්පත්
    • වාර්ෂික වාර්තා
    • වෙනත් වාර්තා
  • ප්‍රසම්පාදන
  • මාධ්‍ය
  • සාමාන්‍ය ජනතාව
  • ව්‍යාපාර
  • රාජ්‍ය ආයතන
සඳහා තොරතුරු
  • General Public
  • Businesses
  • Government

මුල් පිටුව » ඔබ අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතය ගැන දැනුවත් දෙමාපියෙක්ද?

ඔබ අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතය ගැන දැනුවත් දෙමාපියෙක්ද?

මුල් ළමාවියේ සිට නව යොවුන් විය දක්වා ඔබේ දරුවාගේ සංවර්ධනයේ සෑම අදියරකදීම, ඔබ ඔබේ දරුවන්ට ඉගැන්වීම, මඟ පෙන්වීම සහ සහාය දීම සිදු කරන බව අපි දනිමු. ඔවුන් අන්තර්ජාලයට සම්බන්ධවී කටයුතු කිරීමේදීද එය වෙනස් නොවිය යුතුය. ඔබ දෙමාපියෙක් නම්, ඔබේ දරුවන්ට අන්තර්ජාලයට ඇතුළු වීමට ඉඩ දෙන විට සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ.

  1. දෙමාපියෙකු ලෙස ඔබ ඔබේ දරුවන්ගේ අන්තර්ජාලය හා සම්බන්ධවී සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්ය.මෙයින් අදහස් කරන්නේ ඔබේ දරුවන් සමඟ ඔවුන් කරන දේ ගැන කතා කිරීම පමණක් නොව ඔවුන්ට සවන් දීමයි. මෙහිදී දරුවාගේ වයස වැදගත් නොවන අතර ඔවුන් අන්තර්ජාලය තුල සිදුවන් විවිධ අනිසි ක්‍රියාවන්ට භාජනය නොවීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ඔබගේ දරුවා සමඟ මනාව සන්නිවේදනය කිරීම සහ ඔවුන් අන්තර්ජාලය හරහා කරන්නේ කුමක්ද සහ එය කරන්නේ කවුරුන් සමගද යන්න පිළිබඳව විමසිලිමත් වීමයි.
  2. ඔබේ නිවසේ අන්තර්ජාල භාවිතය සිදුකරන ආකාරය පිළිබඳව සීමා තබා ගන්න.ඔබගේ නිවසේ අන්තර්ජාල භාවිතය සඳහා අදාළ වන උපදෙස් දරුවාට ලබාදෙන්න. ඔබේ දරුවාට අන්තර්ජාලය භාවිතා කිරීමට අවසර දී ඇත්තේ කවදාද සහ කොපමණ කාලයක්ද යන්න සාකච්ඡා කරන්න. අන්තර්ජාල ක්‍රියාකාරකම් වලදී අන් අය සමඟ හැසිරෙන ආකාරය ඔවුන්ට උගන්වන්න. ඔවුන් සඳහා සුදුසු වෙබ් අඩවි සහ ක්‍රියාකාරකම් පිළිබඳව උපදෙස් ලබාදෙන්න. අන්තර්ජාලය තුල ඔවුන් ගතකරන කාලය ඉගෙනීම, නිර්මාණශීලිත්වය සහ අධ්‍යාපනය සඳහා භාවිතා කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.
  3. සමාජ ජාල, ක්ෂණික පණිවිඩ යැවීම, ඊමේල් කිරීම, මාර්ගගත ක්‍රීඩා සහ වෙබ් කැමරාවන් භාවිතා කිරීම සඳහා සෑම විටම සීමාවන් පනවන්න. අන්තර්ජාලය තුල ඔබේ දරුවා කරන්නේ කුමක්ද, දරුවා සම්බන්ධ වන්නේ කවුරුන් සමගද යන්න දැන ගැනීමට අදාල වෙබ් අඩවි අධීක්ෂණය කරන්න.
  4. අන්තර්ජාලය හා සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබේ දරුවන් දැනුවත් කරන්න.නම, ලිපිනය, දුරකථන, ඊමේල් වැනි පුද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමේදී ප්‍රවේශම් වන්නැයි ඔවුන්ට උපදෙස් දෙන්න. අන්තර්ජාලය තුලින් හඳුනාගන්නා මිතුරන් පෞද්ගලිකව හමුවීමට යාමෙන් සිදුවියහැකි විපත් ගැන ඔවුන් දැනුවත් කරන්න ඔබ හෝ විශ්වාස කරන වැඩිහිටියෙකු සමඟ හැර ඔබේ දරුවා අන්තර්ජාලය හරහා හමු වූ ආගන්තුකයන් හමුවීමට යාම වලක්වන්න. සෑම විටම ඔබේ දරුවා පළමුව ඔබේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවට වග බලා ගන්න.
  5. ඔබේ දරුවා අන්තර්ජාලය හරහා සොයා ගන්නා තොරතුරු සැමවිටම නිවැරදි නොවන බව වටහා ගැනීමට ඔවුන්ට උගන්වන්න. අන්තර්ජාලය හරහා සොයාගත හැකි සියලුම තොරතුරු නිවැරදි, හෝ අදාළ නොවන බව ඔබේ දරුවා දැන සිටිය යුතුය. එකම මාතෘකාව පිළිබඳව සොයාගන්නා තොරතුරු විකල්ප ප්‍රභවයන් සමඟ සංසන්දනය කිරීමෙන් තොරතුරු වලංගුභාවය පරීක්ෂා කරන්නේ කෙසේදැයි ඔබේ දරුවාට උගන්වන්න. තොරතුරු සංසන්දනය කිරීම සඳහා ඔවුන්ට භාවිතා කළ හැකි විශ්වාසදායක වෙබ් අඩවි පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න.
  6. ඔබේ දරුවන්ගේ ජංගම දුරකථන, ක්‍රීඩා උපාංග, පරිගණක සහ ලැප්ටොප් පරිගණක අධීක්ෂණය කරන්න. එම උපාංග ඔබෙන් සඟවා තබා ගැනීමට ඔබේ දරුවාට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ උපාංග ඔබට පෙන්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.ඔවුන් එම උපාංග භාවිතා කරන විට ඔවුන් සමඟ සම්බන්ධ වන්න. ඔවුන් සම්බන්ධවන වෙබ් අඩවි, ක්‍රීඩා සහ ඔවුන් අන් අය සමඟ සන්නිවේදනය කරන දේ නිතරම පරීක්ෂා කරන්න.

දෙමව්පියන් වශයෙන්, ඔබේ දරුවාට අන්තර්ජාලය තුලින් ජීවිතයට ධනාත්මක අත්දැකීමක් ලබා ගැනීමට උදව් කරන්න. සැමවිටම යම් අනතුරක් වැළැක්වීම සිදුවූ දෙය පිළිබඳව පසුතැවිලිවීමට වඩා හොඳ බව මතක තබා ගන්න.

අප සමග සම්බන්ධ වන්න

  • සයිබර් ආරක්‍ෂාව සම්බන්ධව අද අප ගන්නා තීරණය හෙට අප ජීවත් වන සමාජයේ ආරක්ෂාව තීරණය කරයි.
  • අදාළ සබැඳිය

    • Sri Lanka CERT|CC

සබැඳි

  • මුල් පිටුව
  • සම්පත්
  • ප්‍රකාශන
  • අප ගැන
  • විමසීම්

අප අමතන්න

ලිපිනය
ශ්‍රී ලංකා CERT,
කාමර 4-112, බී.එම්.අයි.සී.එච්, බෞද්ධාලෝකමාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.

දුරකථන
+94 11 269 1692 / +94 11 269 5749
+94 11 267 9888

විද්යුත් තැපෑල
cert@cert.gov.lk

318883
Total Users : 318883
© Sri Lanka CERT|CC 2025. All rights Reserved.
නිමැවුම සහ සම්බන්ධීකරණයProcons Infotech
WordPress Lightbox
Skip to content
Open toolbar Accessibility Tools

Accessibility Tools

  • Increase TextIncrease Text
  • Decrease TextDecrease Text
  • GrayscaleGrayscale
  • High ContrastHigh Contrast
  • Negative ContrastNegative Contrast
  • Links UnderlineLinks Underline
  • Readable FontReadable Font
  • Reset Reset