VPNs

VPNs

විශ්වාසනීය නොවන ජාල හරහා අන්තර්ජාලයට සම්බන්ධවීමේදී සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ගුප්ත ලේඛනකරණය කරනලද VPN සම්බන්ධතා භාවිතා කරයි. මෙහිදී සැරිසරන දත්ත වල රහස්‍යභාවය හැකර්වරුන්ගෙන් පමණක් නොව, ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගෙන්ද ආරක්ෂා කිරීමට VPN මගින් ඔබේ තොරතුරු ගුප්තකේතනය කරයි. මෙමගින් ඔබ යන එන ස්ථාන සහ ඔබ මාර්ගගතව කරන දේ පිළිබඳ තොරතුරු නිරීක්ෂණය කිරීම සහ රැස් කිරීම අන් අයට අපහසු වන අතර පොදු ජාල භාවිතා කරන විට ඔබේ ආරක්ෂාව වැඩි කරයි.

හොඳ VPN එකක් භාවිතා කරන අතරම , ඔබ සියලු ආරක්ෂක පැච් ලබා ගෙන ඇතිබව සහතික කිරීම සඳහා දෙනලද යාවත්කාලීන කිරීම් කාලීනව ස්ථාපනය කළ යුතු අතර ද්වි-සාධක සත්‍යාපනය දිගටම භාවිතා කල යුතුය.