IOT

IOT

5G ත් සමග අන්තර්ජාලය වේගවත් වෙමින් පවතී. ඒ සමඟම අපගේ ගෘහ භාණ්ඩ, ආරක්ෂක පද්ධති, අනතුරු ඇඟවීමේ පද්ධති, රථවාහන ලයිට්, නිෂ්පාදන මාර්ග ඇතුළු ක්රියාකාරකම් වැඩි වැඩියෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම සිදුව. බොහෝ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වීම Internet of Things (IOT) ලෙස හැඳින්වේ. 2021 දී ඇස්තමේන්තු කර ඇති පරිදි උපාංග බිලියන 25 ක් පමණ මාර්ගගත වනු ඇත.

අනෙක් සියල්ල මෙන්ම, මාර්ගගතව පාලනය කළ හැකි උපාංග භාවිතා කරන විට, මූලික ආරක්ෂක උපදෙස් අනුගමනය කිරීම වැදගත්ය. මෙය වැදගත් වන්නේ දුර්වල ආරක්ෂාව ඇති උපාංග දහස් ගණනක් පරිලෝකනය කිරීමට හැකර්වරු බොට්ස් (ඔවුන්ගේ පාලනය යටතට ගන්නා ලද පරිගණක විශාල ප්‍රමාණයක්) භාවිතා කරන බැවිනි. ඒ හරහා ඔවුන් අන්තර්ජාලයට සම්බන්ධ උපාංගයකට කඩා වැදීමෙන්, ඔබගේ පුද්ගලික තොරතුරු ඇතුළු තොරතුරු ඉතා ඉක්මණින් බාගත කර ඔබගේ ජාලයද හැක් කළ හැකිය.

මෙය වළක්වා ගැනීමට
  • උපාංගයක් ස්ථාපනය කරන විට, සෑම විටම ශක්තිමත්, අනන්ය මුරපදයක් භාවිතා කරමින් සුපුරුදු මුරපදය වෙනස් කරන්න.
  • මෘදුකාංගවල තොරතුරු අනවසරයෙන් ලබා ගතහැකි දුර්වලතා අඩංගු විය හැකි බැවින්, මෘදුකාංග යාවත්කාලීන හරහා ඒවා යාවත්කාලීන කරන්න.