යූ ටියුබ්

යූ ටියුබ්

  1. ශක්තිමත් මුරපදයක් යොදන්න , එය වෙනත් වෙබ් අඩවි හෝ ගිණුම් සඳහා යොදා නොගන්න. ශක්තිමත් මුරපදයක් භාවිතා කිරීමට වග බලා ගන්න සහ එය කිසිවෙකු සමඟ බෙදා නොගන්න. ඔබගේ මුරපදය ඔබ පමණක් දන්නා බව තහවුරු කර ගන්න. එය ඔබ බෙදාගත යුතු දෙයක් නොවේ. අනන්‍ය මුරපදයක් භාවිතා කර, ඔබ එය වෙනත් ගිණුම් සඳහා භාවිතා නොකරන බවට වගබලා වන්න.
  2. අමතර ආරක්ෂාවක් සඳහා ඔබගේ Google ගිණුමේ ද්වි-පියවර (2-Step Verification) සත්‍යාපන සැකසුම සක්‍රීය කරන්න. ද්වි – පියවර සත්‍යාපනය ඔබගේ මුරපදය සොරකම් කළත් අනවසරයෙන් ඔබගේ ගිණුමට ඇතුළු වීම වැළැක්වීමට උපකාරී වේ. ද්වි-පියවර සත්‍යාපනය සක්‍රීය කිරීමේදී පහත යොදා ගත හැක.
    • ආරක්ෂක යතුරු (වඩාත්ම ආරක්ෂිත සත්‍යාපන පියවර)
    • ගූගල් විමසීම් (කෙටි පණිවිඩ කේත වලට වඩා ආරක්ෂිතයි)
    • ගූගල් සත්‍යාපන යෙදුම (අන්තර්ජාල හෝ ජංගම දත්ත නොමැතිව කේත ලබා ගන්න)

    ඔබගේ ගිණුම සඳහා ද්වි -පියවර සත්‍යාපනය සක්‍රීය කිරීමට පිවිසෙන්න.Protect your account with 2-Step Verification

  3. තතුබෑම් (phishing) සහ අනිෂ්ට මෘදුකාංග වංචාවන් පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින්න. ඔබගේ ගිණුමේ පිවිසුම් තොරතුරු ඉල්ලා සිටින ඕනෑම විද්‍යුත් තැපෑලක් ගැන සැක සහිත වන්න. යූ ටියුබ් වෙතින් ඊමේල් හරහා කිසි විටෙකත් ඔබගේ පිවිසුම් තොරතුරු ඉල්ලන්නේ නැත. ඊ-තැපෑලක් සැක සහිත යැයි පෙනේ නම්, එය තතුබෑම් හෝ අනිෂ්ට මෘදුකාංග වංචාවක් විය හැකිය, ඒවා නිවැරදි දැයි තහවුරු කර ගැනීමෙන් තොරව කිසිදු සබැඳියක් ක්ලික් නොකරන්න. ඊමේල් ලිපිනය සහ යවන්නාගේ නම් ගැලපෙන බවට සහතික වන්න, ඕනෑම බාගැනීම් හෝ ඇමුණුම් ගැන සොයා බලන්න, විශේෂයෙන් ඉතා විශාල හෝ ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක කල හැකි වැඩසටහනක් ඇමිනුමක් ලෙස ඇත්නම් එය තහවුරු කර ගැනීමන් තොරව විවෘත නොකරන්න. මෙවැනි බාගත කර ගන්නා වැඩසටහන් අනිෂ්ට මෘදුකාංග විය හැකි අතර දත්ත හා පරිගණක වලට විශාල හානියක් සිදුවීම හෝ ඔබේ පරිගණක ජාලයට අනවසරයෙන් ප්‍රවේශ වීම සඳහා භාවිතා කළ හැකිය.
  4. ඔබේ යූ ටියුබ් ගිණුමේ ආරක්‍ෂාව පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න,ඔබේ ගිණුම සහ සැකසීම් කළමනාකරණය කරන්න
a) මුල් පිටුව හරහා වීඩියෝවක් කෙලින්ම වාර්තා කිරීම
  1. යූ ටියුබ් වෙත පුරනය (sign-in)වන්න
  2. ඔබට වාර්තා කිරීමට අවශ්ය වීඩියෝව තෝරා player පහළින්, ක්ලික් කරන්න. පහත මෙනුවේ, Report තෝරන්න
  3. වීඩියෝව වාර්තා කිරීමට වඩාත් සුදුසු හේතුව තෝරා REPORT ක්ලික් කරන්න

b) වීඩියෝවකට ප්‍රවේශ වීමෙන් එය වාර්තා කිරීම
  1. වීඩියෝව වෙත ගොස් පහළ දකුණු කෙළවරේ ක්ලික් කර Report ක්ලික් කරන්න
  2. වීඩියෝව වාර්තා කිරීමට වඩාත් සුදුසු හේතුව තෝරන්න
  3. ඔබට සබැඳිය ද (link) වාර්තා කිරීමට අවශ්‍ය නම් පිරික්සුම් කොටුව සලකුණු කරන්න. Next ක්ලික් කරන්න
  4. වීඩියෝ පටයේ හානිකර සිදුවීමට අදාල කාල සීමාව තෝරාගෙන ඒ පිළිබඳ අමතර තොරතුරු එක් කරන්න.
  1. ඔබ වාර්තා කිරීමට බලාපොරොත්තුවන අදහස් දැක්වීමට යන්න. ක්ලික් කරන්න.
  2. ක්ලික් කර, වාර්තා කරන්න.
  3. වාර්තා කිරීමට වඩාත් සුදුසු හේතුව තෝරා REPORT ක්ලික් කරන්න

“Report spam or abuse” වාර්තා කිරීම අතිශයින්ම ප්‍රවේශමෙන් භාවිත කරන්න. ඔබ එය අනිසි ලෙස භාවිතා කරන්නේ නම්, ඔබට යූ ටියුබ් භාවිතා කිරීම තහනම් කළ හැකිය.

    1. යූ ටියුබ් වෙත පුරනය (sign-in) වන්න
    2. ඔබට වාර්තා කිරීමට අවශ්‍ය නාලිකා පිටුවට යන්න.
    3. About ක්ලික් කරන්න.
    4. Report ක්ලික් කරන්න
    5. ඔබේ ගැටලුවට වඩාත් ගැලපෙන විකල්පය තෝරන්න

 

  1. පෞද්ගලිකත්‍ව පැමිණිලි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධකය වෙත ඉදිරියට යන්න මෙහි ක්ලික් කරන්න.
  2. පෞද්ගලිකත්වයට හානිකර පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා දෙවන බොත්තම ක්ලික් කරන්න.
  3. ඔබ අදාල වීඩියෝව දැමූ තැනැත්තා සම්බන්ධ කර ගෙන තවමත් ඉවත් කර නොමැති නම්, continue ක්ලික් කරන්න. නැතිනම් පළමුව වීඩියෝව දැමූ තැනැත්තා සම්බන්ධ කරගන්න.
  4. වාර්තා කිරීමට පෙර යූ ටියුබ් ප්‍රජා මාර්ගෝපදේශ කියවන්න. ඉන්පසු I have reviewed community guidelines ක්ලික් කරන්න.
  5. කොන්දේසි කියවා continue. ක්ලික් කරන්න.
  6. අනාවරණය වන්නේ කුමන ආකාරයේ පුද්ගලික තොරතුරුද යන්න තෝරන්න.
  7. පෝරමය පුරවා ඉදිරිපත් කරන්න
  1. නීති ප්‍රතිපත්ති වෙත පිවිසෙන්න
  2. අදාල හේතුව තෝරා පැමිණිල්ල ඉදිරිපත් කරන්න
  3. උදාහරණයක් ලෙස වෙළඳ ලකුණ අව භාවිතාව පිලිබඳ පැමිණිලි කිරීම