ඉන්ස්ටග්‍රෑම්

ඉන්ස්ටග්‍රෑම්

ඉන්ස්ටග්‍රෑම් විසින් සපයනු ලබන ආරක්ෂක සැකසුම් භාවිතා කිරීමෙන් පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් තවදුරටත් සුරක්ෂිත කර ගත හැකිය. වඩාත්ම ජනප්‍රිය සැකසුම වනුයේ ඉන්ස්ටග්‍රෑම් සඳහා ද්වි-සාධක සත්‍යාපනය (two factor authentication) සක්‍රිය කිරීමයි.

  1. පහත පරිදි පරිශීලක නාමයට යාබදව ඇති settings මත ක්ලික් කරන්න.
  2. Privacy and Security’‘තෝරන්න’
  3. ‘Two factor Authentication’ තෝරන්න
  4. ආරක්ෂණ කේතය ලබාගැනීමට ‘Use text message’ තෝරන්න.
  5. ‘Turn On’ මතක්ලික් කරන්න
  6. ඔබේ ජංගම දුරකථන අංකයක් ඇතුළත් කොට ‘Next’ මත ක්ලික් කරන්න. ලබා දී ඇති ජංගම දුරකථන අංකයට ඉලක්කම් 6 ක ආරක්ෂක කේතයක් ලැබෙනු ඇත.
  7. ලැබුණු ඉලක්කම් 6 ආරක්ෂක කේතය ඉදිරිපත් කර අවසන් කිරීමට ’Done’ ක්ලික් කරන්න. නව උපාංගයක් භාවිතයෙන් ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසෙන විට මෙම ඉලක්කම් 6 කේතය විමසනු ඇත.

ඔබගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පුද්ගලික කල විට, ඔබගේ ඡායාරූප සහ වීඩියෝ බැලීම කල හැක්කේ අවසර ඇති පුද්ගලයන්ට පමණි.

  1. පහත පරිදි පරිශීලක නාමයට යාබදව ඇති settings මත ක්ලික් කරන්න
  2. ‘Privacy and Security’තෝරන්න
  3. ‘Account Privacy’වෙත ගොස් ‘Private Account’ තෝරන්න

ව්‍යාජ ගිණුමක් ලෙස හැඳින්වීමට ඔබගේ එක් ඡායාරූපයක්වත් ගිණුම් පින්තුරය ලෙස භාවිතා කළ යුතුය. ඔබ, ඔබ දන්නා කෙනෙකු හෝ ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනීසිටින ගිණුම් (උදාහරණ: කීර්තිමත් පුද්ගලයකු , දේශපාලනඥයකු) ෆේස්බුක් සමාගම වෙත වාර්තා කල හැක

a) වින්දිතයාට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් තිබේ නම්.
  1. ඔබට වාර්තා කිරීමට අවශ්‍ය ව්‍යාජ ගිණුම සොයන්න. ඔබගේ මුල් ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඔබ එම ව්‍යාජ ගිණුම වෙත ගිය පසු, පරිශීලක නාමයට යාබදව දකුණු ඉහළ කෙළවරේ ඇති option බොත්තම ක්ලික් කරන්න.
  2. ‘Report User’ක්ලික් කරන්න
  3. ‘It’s Inappropriate’තෝරන්න
  4. Report Account තෝරන්න
  5. ‘It’s pretending to be someone else’තෝරන්න
  6. ‘Me’ තෝරා‘Submit Report’ ක්ලික් කරන්න
සටහන: ඉන්ස්ටග්‍රෑම් විසින් ඔබගේ ඉල්ලීම සමාලෝචනය කර ගිණුම ඉවත් කළ යුතුද නැද්ද යන්න තීරණය කරයි. අවසාන තීරණය ඉන්ස්ටග්‍රෑම් විසින් ගනු ලැබේ.
b) වින්දිතයාට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් නොමැති නම්
  1. වාර්තා කිරීමට පහත සබැඳිය භාවිතා කරන්නReport an Impersonation Account on Instagram
  2. නැතහොත් ගූගල් හි “report an impostor account Instagram” සොයා පහත දැක්වෙන පරිදි උද්දීපනය කළ සබැඳිය තෝරන්න
  3. පහත දැක්වෙන පරිදි පෝරමය පුරවා ‘Send’ ඔබන්න. වරකට වාර්තා කළ හැක්කේ එක් ගිණුමක් පමණි. ඉදිරිපත් කිරීම අවශ්‍ය දේ:
    • වින්දිතයාගේ සම්පූර්ණ නම
    • වින්දිතයාගේ ලිපිනය
    • ඔබ වාර්තා කරන ගිණුමේ සම්පූර්ණ නම
    • ඔබ වාර්තා කරන ගිණුමේ ඉන්ස්ටග්රෑම් පරිශීලක නාමය
    • හැඳුනුම්පතක් සමග ගන්නා ලද වින්දිතයාගේ පැහැදිලි ඡායාරූපයක්

ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙනස් කර ඇති බව ඔබට ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඊ-තැපෑලක් ලැබුනේ නම්, එම පණිවිඩයේ ඇති ‘මෙම වෙනස ආපසු හරවන්න’ (‘revert this change’ ) විකල්පය භාවිතා කිරීමෙන් එය අවලංගු කළ හැකිය.

අමතර තොරතුරු ද වෙනස් කර ඇත්නම් (උදාහරණ: ඔබගේ මුරපදය), එවිට ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය නැවත වෙනස් කළ නොහැක, එබැවින් කරුණාකර ගිණුම සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් වෙත කෙලින්ම වාර්තා කරන්න.

    1. පිවිසුම් තිරය (login screen) වෙත ගොස් ‘Forgot Password?’ විකල්පය ක්ලික් කරන්න.
    2. ඔබගේ පරිශීලක නාමය, ඊමේල් හෝ දුරකථන අංකය ඇතුළත් කරන්න, ඉන්පසු ‘send login link’ විකල්පය ක්ලික් කරන්න. ඔබට පමණක් ප්‍රවේශ විය හැකි ආරක්ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයක් හෝ දුරකථන අංකයක් ඇතුළත් කිරීමට වග බලා ගන්න.

ඔබගේ ඉල්ලීම විද්‍යුත් තැපැල් ලිපිනය සමඟ ඉදිරිපත් කළ පසු, ඔබට ඉන්ස්ටග්‍රෑම් වෙතින් විද්‍යුත් තැපෑලක් ලැබෙනු ඇත. එහිදී ඔබට ඔබගේ ගිණුමට ප්‍රවේශ වී මුරපදය වෙනස් කළ හැකිය.

කිසියම් අන්තර්ගතයක් (ඡායාරූපය, වීඩියෝ) යමෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන්නේ නම් ඒවා ඉන්ස්ටග්‍රෑම් වෙත වාර්තා කල හැක

a) වින්දිතයාට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් තිබේ නම්.
  1. අනවසර ඡායාරූපයට ගොස් ඡායාරූපයේ ඉහළ දකුණු කෙළවරේ ඇති තිත් 3 (…) තෝරන්න.
  2. ‘Report’ තෝරන්න.
  3. ඊළඟ මෙනුවේ ලබාදෙන ඡායාරූපය හා ගැලපෙන හේතුව තෝරා ‘‘Submit Report’ ක්ලික් කරන්න.
  4. ඔබට දන්වා එවනු ඇත
b) වින්දිතයාට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් නොමැති නම්
  1. වාර්තා කිරීමට පහත සබැඳිය භාවිතා කරන්නReport a photo or video that violates your privacy on Instagram
  2. නැතහොත් ගූගල් හි ‘Report privacy violation instagram’ සොයා පහත දැක්වෙන පරිදි උද්දීපනය කළ සබැඳිය තෝරන්න.
  3. පහත දැක්වෙන පරිදි පෝරමය පුරවා ‘Send’ ඔබන්න.
  4. අදාළ තොරතුරු සපයන පෝරමය පුරවා වාර්තා කිරීම සම්පූර්ණ කිරීම සඳහා ‘Send ක්ලික් කරන්න. ඉදිරිපත් කිරීම අවශ්‍ය දේ:
    • වාර්තා කළ යුතු ඡායාරූපයේ URL
    • වින්දිතයාගේ තැපැල් ලිපිනය
    • ඡායාරූපය මගින් පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක්

ඕනෑම ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් අවහිර කිරීමට

  1. ගිණුමට ගොස් පරිශීලක නාමයට යාබදව දකුණු ඉහළ කෙළවරේ ඇති option බොත්තම ක්ලික් කරන්න.
  2. ‘Block this user’ තෝරන්න.
  3. ‘Block’ තෝරන්න.
  4. ඔබට පහත පරිදි තහවුරු කිරීමක් ලැබෙනු ඇත.