රැහැන් රහිත ජාල සහ හොට්ස්පොට්

රැහැන් රහිත ජාල සහ හොට්ස්පොට්

‘පොදු’ රැහැන් රහිත ජාල හෝ හොට්ස්පොට් යනු පොදු ප්‍රවාහනය , ආපනශාලා, හෝටල් සහ පබ් වැනි ස්ථානවල ඔබට අන්තර්ජාලය හා සම්බන්ධ වීමට සපයා ඇති සේවාවකි.කෙසේ වෙතත්, පොදු වයිෆයි ජාල එතරම් ආරක්‍ෂිත නොවේ. සමහර පොදු වයිෆයි ජාලයන්ට මුරපදයක් අවශ්‍ය වුවද, මේවා සාමාන්‍යයෙන් ආපනශාලාවේ හෝ පොදු ස්ථානයක හිමිකරුට ඔබ ඔවුන්ගේ ආපනශාලාව තුළ සිටින බව දැන ගැනීමට පමණක් යොදා ගනී. ඒවා නිසැකවම ගුප්තකේතනය හරහා ආරක්ෂාව සපයන්නේ නැත.

එසේම, සමහර යෙදුම් සහ වෙබ් අඩවි ගුප්තකේතනය කර ඇත, බොහෝ ඒවා එසේ නොවේ.

එබැවින් අපි පොදු ජාල භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතා කරන විට, අනවශ්‍ය පුද්ගලයන්ට ඔබේ උපාංගයෙන් යවන දේ ‘කියවීම’ සඳහා හැකියාවක් පවතින බව මතක තබා ගන්න පොදු Wi-Fi භාවිතා කරන අතරතුර ඔබේ තොරතුරු ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම ක්‍රමය අතථ්‍ය පුද්ගලික ජාලයක් (VPN) භාවිතා කිරීමයි.

එසේ වුවද ඔබ පොදු Wi-Fi භාවිතා කළ යුතු නම්,
  • ඔබ බ්ලූටූත් සහ වයිෆයි භාවිතා නොකරන විට ඒවා ක්‍රියා විරහිත කරන්න.
  • ඔබ සංවේදී දත්ත සහිත වෙබ් අඩවියකට යා යුතු නම්, එය ගුප්තකේතනය කර ඇති බවට වග බලා ගන්න. වෙබ් බ්‍රව්සරයේ වම්පස ඉහල කෙලවරේ ඇති ‘අගුළු ලකුණ’ මගින් එම වෙබ් අඩවිය ගුප්ත කේතනය කර ඇති බව හඳුනා ගත හැක., උදා. facebook.com වෙබ් අඩවිය http වෙනුවට https පෙන්වයි. ‘Whatappapp’ වැනි සමහර යෙදුම්ද ගුප්තකේතනය කර ඇත, නමුත් සැකයක් ඇත්නම් ප්‍රවේසම් වන්න
  • හැකි සෑම තැනකම, ජංගම දුරකථනය (දත්ත සීමාවන් / පිරිවැය පිළිබඳව දැනුවත්ව සිටියත්) වාණිජ හොට්ස්පොට් සම්බන්ධතාවයක් හෝ අතථ්‍ය පුද්ගලික ජාලයක් (VPN) භාවිත කරන්න
බ්ලූටූත් (Bluetooth)

බ්ලූටූත් තාක්ෂණය රැහැන් රහිතව උපාංග සම්බන්ධ කිරීමට ඔබට ඉඩ සලසයි, එහිදී ඔබ පහත සඳහන් දේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය :

  • ඔබ සම්බන්ධ කර ගෙන ඇති උපාංගයන් පිළිබඳව ඔබ දන්නා අතර පොදු ස්ථානවල දී ඒවා සම්බන්ධ වීම වළක්වා ගැනීම වඩාත් සුදුසුය. භාවිතයේ නොමැති විට බ්ලූටූත් ක්‍රියා විරහිත කරන්න.
  • ඡායාරූප සහ වීඩියෝ වැනි අන්තර්ගතයන් අන් අය සමඟ බෙදා ගැනීමට ඇපල් උපාංගවල ‘එයාර්ඩ්‍රොප්’(AirDrop) භාවිතා කරන්නේ නම්, ඔබ දන්නා පුද්ගලයින්ගෙන් බෙදා ගැනීමට ආරාධනා පමණක් පිළිගන්න.
  • ඔබට එයාර්ඩ්‍රොප් ලැබීම සම්පූර්ණයෙන්ම අක්‍රීය කළ හැකිය, නැතහොත් එය ඔබගේ සම්බන්ධතා වලට පමණක් සීමා කළ හැකිය.