රැන්සම්වෙයාර්

රැන්සම්වෙයාර්

රැන්සම්වෙයාර් යනු අනිෂ්ට මෘදුකාංග වන අතර ඒවා ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් සහ වැඩපොළ වැනි පරිගණක උපාංගවලට හානි කළ හැකිය. රැන්සම්වෙයාර් මගින් ඔබගේ පරිගණකයේ අඩංගු සියලුම ලිපිගොනු කියවිය නොහැකි වන පරිදි ගුප්ත කේතනය කළ හැකිය. අන්තර්ගතය විකේතනය කර හෝ කියවිය හැකි වන පරිදි නැවත සකස්කර දීමට මුදල් / කප්පම් ගෙවන ලෙස ඉල්ලා සිටී. රැන්සම්වෙයාර් සාමාන්‍යයෙන් බාගත කර ගත හැකි ගොනුවක් හරහා පැතිරෙයි.

ඔබේ පරිගණකය රැන්සම්වෙයාර් ප්‍රහාරයකට ලක්වී ඇති බව හඳුනාගන්නේ කෙසේද?
  • ලිපිගොනු කියවිය නොහැකි ලෙස ගුප්ත කේතනය කර ඇත
  • ඔබගේ උපාංගය ආසාදනය වී ඇති අතර ලිපිගොනු නැවත ලබා ගැනීම සඳහා මුදල් ගෙවිය යුතු බවට පණිවිඩයක් දිස්වීම
  • වින්ඩෝස් පද්ධති යාවත්කාලීන කිරීමක් සඳහා මුදල් ගෙවිය යුතු බවට පණිවිඩයක් දිස්වීම
  • ඔබගේ උපාංගය නිසියාකාරව ආරම්භ කිරීමට ඔබට ඉඩ නොදෙන අතර කප්පම් මුදලක් ගෙවන ලෙස දන්වන තිරය පුරා විහිදුනු පණිවිඩයක් දිස්වීම
රැන්සම්වෙයාර් ප්‍රහාරයක අවදානම අවම කර ගන්නේ කෙසේද?
  • මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාංග යෙදුම් නිතිපතා යාවත්කාලීන කරන්න
  • බලපත්‍රලාභී ප්‍රති-වයිරස සහ ප්‍රති-ස්පෑම් විසඳුම් භාවිතා කර ඒවා යාවත්කාලීනව තබා ගන්න
  • ලිපිගොනු නැවත ලබාගැනීම සඳහා නිතිපතා දත්ත උපස්ථයක් ගන්න
  • හැකි සෑම විටම macro scripts අක්‍රීය කරන්න
රැන්සම්වෙයාර් වලට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
  • ආසාදිත උපාංගය වෙනත් පද්ධති හා ජාලයෙන් හැකි ඉක්මනින් වෙන් කරන්න
  • අන්තර්ජාලයේ අදාල විකේතන මෘදුකාංග ඇතිදැයි සොයා බලන්න No more ransom
  • තොරතුරු ආරක්ෂණ වෘත්තිකයන්ගෙන් උපදෙස් ලබා ගන්න
  • ඔබේ උපාංගය විකේතනය කරන බවට කිසිදු සහතිකයක් නොමැති බැවින් ප්‍රහාරකයාට ඉල්ලා ඇති කප්පම් මුදල කිසි විටෙකත් නොගෙවන්න
  • රැන්සම්වෙයාර් ඉවත් කිරීමෙන් පසු උපස්ථ නැවත ගබඩා කරන්න