රැටින්

රැටින්

රැටින් කිරීම යනු ඔබේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා අනවසරයෙන් ඇතුළුවීමේ ක්‍රියාව සඳහා ලබා දී ඇති නමයි. එය දුරස්ථ ප්‍රවේශ ට්‍රෝජන් හරහා ආරම්භ වන අතර ඔබගේ වාර්තා, සහ සැකසුම් වෙත යාමට පිටස්තරයින්ට අවසර දෙයි. නිදසුනක් ලෙස, මේ හරහා ප්‍රහාරකයන්ට ඔබගේ වෙබ් කැමරාව සක්‍රිය කිරීමට ඉඩ ඇති අතර එවිට ඔවුන්ට ඔබේ පරිගණකය හරහා ඔබව දැකගත හැකිය.

එය සිදු වන්නේ කෙසේද?
  • ඔබේ වෙබ් කැමරාව ක්‍රියාත්මක වේ දැයි විමසිල්ලෙන් සිටීම . සමහර විට, ඒවා කැමරාවේ ආලෝක බුබුල ක්‍රියාත්මක නොකරන බැවින් ඔබ නිරීක්ෂණය කරනු ලබන බව ඔබ නොදැන සිටීමටද පුළුවන.
  • ආසාදන හා වෙනත් අනිෂ්ට මෘදුකාංග සංසරණය කිරීම සඳහා අසාදිත ජාලයන්හි (botnet)අංගයක් ලෙස භාවිතා කිරීම.
  • ඔබගේ වාර්තා සහ ලේඛන රාමු මකා දැමීම, බාගත කිරීම හෝ වෙනස් කිරීම.
  • ඔබගේ අන්තර්ජාල හැසිරීම නිරීක්ෂණය කිරීම (ඔබ පිවිසෙන්නේ කුමන වෙබ් අඩවිද, ඔබ පණිවුඩ යවන්නේ කාටද, ඔබ ටයිප් කරන්නේ කුමක්ද යන්න නිරීක්ෂණය කිරීම).
රැටින් වලින් ආරක්ෂා වන්නේ කෙසේද?
  • සැක සහිත ප්‍රභවයන්ගෙන් ගොනු බාගත කිරීමෙන් වළකින්න.
  • ඔබ නොදන්නා පුද්ගලයින්ගෙන් ලැබෙන ඊමේල් ඇමුණුම් විවෘත නොකරන්න (හෝ ඔබ දන්නා අයගෙන් පවා පණිවිඩය යම් ආකාරයකින් සැක සහිත යැයි පෙනේ නම් ).
  • ඔබගේ අන්තර්ජාල බ්‍රව්සර් සහ මෙහෙයුම් පද්ධති යාවත්කාලීනව හා පැච් කර ඇති බවට වග බලා ගන්න.
  • ප්‍රති-වයිරස මෘදුකාංග භාවිතා කර එය යාවත්කාලීනව තබා ගන්න.
  • ඔබගේ වැඩසටහන් සහ යෙදුම් යාවත්කාලීන වීමට අවශ්‍ය බව දැන්වූ විගසම ඒවා යාවත්කාලීන කරන්න..
  • ඔබගේ ඩිජිටල් කැමරාව භාවිතයට නොගන්නා විට ආවරණය කරන්න.