මෘදුකාංග යාවත්කාලීන කිරීම්

මෘදුකාංග යාවත්කාලීන කිරීම්

සයිබර් අපරාධකරුවන් ඔබේ උපාංගවලට හානි කිරීමට හෝ ඒවායින් දත්ත ලබාගෙන ඔබේ අනන්‍යතාවය සොරකම් කිරීමට එහි ඇති මෘදුකාංග සහ යෙදුම්වල දුර්වලතා භාවිතා කරයි. මෘදුකාංග සහ යෙදුම් යාවත්කාලීනයන් නිර්මාණය කර ඇත්තේ මෙම දුර්වලතා සහ අවදානම් අවම කිරීමට වන අතර හැකි ඉක්මනින් ඒවා ස්ථාපනය කිරීමෙන් ඔබගේ උපාංග සුරක්ෂිතව තබා ගත හැකිය. යාවත්කාලීන කිරීම් මඟින් උපාංගයේ කාර්ය සාධනය ද වැඩි දියුණු කළ හැකිය.

සාමාන්‍යයෙන් මෘදුකාංග නිෂ්පාදකයා විසින් යාවත්කාලීනයන් ලබා ගත හැකි බව ඔබේ තිරයේ අනතුරු ඇඟවීමේ ස්වරූපයෙන් ඔබට දැනුම් දෙයි . හැකි ඉක්මනින් එය සිදු කරන ලෙස අපි නිර්දේශ කරමු.

යාවත්කාලීනයන් බාගත කර ස්ථාපනය කිරීමට ගතවන මිනිත්තු කිහිපය අපතේ නොහැරීම තුලින් ඔබට දිගු කාලීන කරදරයකින් මිදිය හැකි අතර, ඔබගේ තොරතුරු සොරා ගැනීමේ අවදානම අඩු කරයි.

අන්තර්ජාලය භාවිතා කරන විට ප්‍රශස්ත ආරක්ෂාව සඳහා, ඔබ සැමවිටම ඔබගේ බ්‍රව්සරයට නවතම යාවත්කාලීන කිරීම් බාගත කර ස්ථාපනය කළ යුතුය.