මුරපද

මුරපද

ඔබගේ විවිධ අන්තර්ජාල ගිණුම් සඳහා වෙනස් වූ ශක්තිමත් මුරපද යෙදීමෙන් අනවසර ඇතුළුවීම් වඩාත් අපහසු කරන අතර යමෙකු ඔබගේ එක් ගිණුමකට අනවසරයෙන් ඇතුල් වුවහොත් අනෙක් ගිණුම් වලට සිදුවියහැකි හානිය අවම කරයි.

වෙබ් අඩවි, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපැල් ගිණුම් භාවිතා කරන විට ඔබේ අනන්‍යතාවය ඔප්පු කිරීමට වඩාත් භාවිතා කරන පොදු ක්‍රමය ඔබේ මුරපදය වේ. යමෙකුට ඔබගේ මුරපදය අනුමාන කල හැකි හෝ දන්නේ නම් සහ ඔබ එකම මුරපදය විවිධ ගිණුම් සඳහා භාවිතා කරන්නේ නම්, ඔවුන්ට පහත දෑ සිදුකිරීමේ හැකියාවක් පවතී.

  • ඔබේ බැංකු ගිණුමට පිවිසීම
  • ඔබේ මුදල් භාවිතයෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම
  • සමාජ ජාල සහ වෙනත් වෙබ් අඩවි වල ඔබ මෙන් පෙනී සිටීම
  • ඔබේ නමින් ඊමේල් යැවීම
  • ඔබගේ උපාංගයේ ඇති පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීම
  • ඔබේ ඩිජිටල් අනන්‍යතාවය සොරකම් කිරීම

ඔබට ඔබේම ශක්තිමත්, අනන්‍ය මුරපද සෑදිය හැකිය. ඒ සඳහා අදහස් කිහිපයක්:

  • අහඹු වචන තුනක් තෝරන්න, අංක හෝ සංකේත සහ විරාම ලකුණු එකතු කරන්න. උදා. “3redhousemonkeys27!”
  • ගීතයක පේළියක් තෝරා ගන්න, නිදසුනක් ලෙස ‘'Tramps like us, baby we were born to run'’ සහ සෑම වචනයකින්ම පළමු අකුර ' tlu, bwwbtr 'ලබා ගන්න.
  • වෙනත් කෙනෙකුගේ මවගේ විවාහක නම තෝරන්න (ඔබේම මවගේ විවාහක නම නොවේ)

මුරපද ලෙස පහත සඳහන් දෑ භාවිතා නොකරන්න:

  • ඔබේ පරිශීලක නාමය, සත්‍ය නම හෝ ව්‍යාපාර නාමය.
  • පවුලේ සාමාජිකයින්ගේ හෝ සුරතල් සතුන්ගේ නම්.
  • ඔබේ හෝ පවුලේ උපන් දින.
  • පසුබිම් දැනුමෙන් අනුමාන කිරීමට පහසු ඔබේ ප්‍රියතම පාපන්දු හෝ ක්‍රීඩා කණ්ඩායම හෝ ඒ සම්බන්ධ වෙනත් වචන.
  • ‘’Password’’ යන වචනය.
  • සමහර අක්ෂර ප්‍රතිස්ථාපනය කල වචන, උදා. ‘Pa55word!” හෝ “P@ssword”. සයිබර් අපරාධකරුවන් මෙම උපක්‍රම ගැන හුරුපුරුදුය.
  • අනුපිළිවෙලින් ඇති ඉලක්කම්, උදා. 12345678, එකම ඉලක්කම කිහිපවරක් (1111 වැනි) හෝ පහසුවෙන් හඳුනාගත හැකි යතුරු පුවරු රටා (14789 හෝ 2580 වැනි).
  • මුරපද බිඳ දැමිය හැකි වැඩසටහන් මගින් බිඳ දැමිය හැකි තනි ශබ්ද කෝෂ වචන.
  • සංඛ්‍යාත්මක මුරපද හෝ PIN තෝරාගැනීමේදී, ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට යෙදූ අංක භාවිතා නොකරන්න (උදාහරණයක් ලෙස 4321 හෝ 12345).

  • Online Password Manager මගින් ඉතා ශක්තිමත් හා අනන්‍ය මුරපද යෝජනා කොට , ආරක්ෂිතව තබා ගන්නා ගාවින් ඔබට එය ලියා තබා ගැනීමට අවශ්‍ය නොවේ. එවැනි මුරපද සාමාන්‍යයෙන් විශාල අකුරු, කුඩා අකුරු හා සංඛ්‍යා වල අහඹු සංයෝජනයක් වන අතර ඒවා මතක තබා ගැනීම හෝ අනුමාන කිරීමට ඉතා අපහසු වේ. කෙසේ වෙතත්, මේවා අන්තර්ජාලයේ ගබඩා කර ඇත.

  • ඔබේ මුරපද වෙනත් කිසිවෙකුට හෙළි නොකරන්න. ඔබ එසේ කර ඇතිනම්, මුරපදය වහාම වෙනස් කරන්න.
  • ඔබ ටයිප් කරන දේ අන් අයට දැකිය හැකි විට ඔබගේ මුරපදය ඇතුළත් නොකරන්න.
  • ඔබගේ ගිණුම අනසරයෙන් කිසිවකු විසින් පාවිච්චි කරන බව ඔබ සිතන්නේ නම් වහාම මුරපදය වෙනස් කරන්න. එපමණක් නොව, ඔබ එම මුරපදය භාවිතා කරන වෙනත් ගිණුම් හෝ වෙබ් අඩවි ඇත්නම් ඒ සඳහාද මුරපදය වෙනස් කරන්න.
  • මුරපද නැවත නැවත භාවිත නොකරන්න (උදාහරණයක් ලෙස මුරපදය 2, මුරපදය 3).
  • අනුමාන කිරීමට පහසු ‘1,2,3,4’ හෝ එල් හැඩැති රටාවක් භාවිතා නොකරන්න.
  • ඔබේ මුරපදය විද්‍යුත් තැපෑලෙන් එවන්න එපා. කිසිදු පිළිගත් සමාගමක් මෙය කිරීමට ඔබෙන් ඉල්ලන්නේ නැත.