උපස්ථ

උපස්ථ

ඔබගේ ඡායාරූප සහ ප්‍රධාන ලියකියවිලි වැනි වඩාත්ම වැදගත් දත්ත බාහිර දෘඪ තැටියකට හෝ Clouds මත පදනම් වූ ගබඩා පද්ධතියකට උපස්ථ කිරීමෙන් ඒවා ආරක්ෂා කරන්න.

ඔබගේ දත්ත ඔබට අහිමි වීමට පහත හේතුද ඇතුළුව බොහෝ හේතු තිබේ:
  • දෘඩාංග ක්‍රියා නොකිරීම (නිදසුනක් ලෙස, දෘඪ තැටි ක්‍රියා නොකිරීම නිතර සිදුවන සිදුවීමකි).
  • අහම්බෙන් ගොනු මකා දැමීම.
  • සොරකම.
  • ගින්න, ගංවතුර, අහම්බෙන් සිදුවන හානි.
  • වෛරස් හෝ වෙනත් හානිකර මෘදුකාංග ආසාදන.
  • මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කිරීමේදී ගොනු මැකී යාම.
ඔබේ දත්ත ආරක්ෂිතව තබා ගන්න

ප්‍රධාන විකල්ප වන්නේ බාහිර ධාවක හෝ ක්ලවුඩ් පද්ධති භාවිතා කිරීමයි.

ඔබ කුමන ක්‍රමයක් තෝරා ගත්තද, පහත සඳහන් දෑ සිදුවියහැකි බැවින් අවශ්‍ය පියවර ගෙන ඇත්දැයි සැලකිලිමත් වන්න:
  • ඔබේ දත්ත සම්පුර්ණයෙන්ම නැතිවිය හැකි බැවින් ඒ සඳහා සැලසුම් කරන්න (නිදසුනක් ලෙස, ඔබගේ සියලු දත්ත අඩංගු ලැප්ටොප් පරිගණකයක් සොරකම් කිරීම).
  • බාහිර දෘඪ තැටියක දත්ත උපස්ථ කරන්නේ නම්, එය ඔබේ පරිගණකයෙන් වෙන්ව වෙනම ස්ථානයක තබා ඇති බවට වග බලා ගන්න එවිට ඔබට පරිගණකය සමග එයද අහිමි වීමේ අවදානමක් නොමැත.

ක්ලවුඩ් උපස්ථ වල වාසියක් නම්, ඔබ සමඟ උපස්ථ උපාංගයක් රැගෙන යාමකින් තොරව විවිධ උපාංග හරහා දත්ත වෙත ප්‍රවේශ වීමට ඔබට ඉඩ සැලසීමයි. කෙසේ වෙතත් සියලුම නිදහස් ක්ලවුඩ් සේවා ‘ප්‍රතිස්ථාපන’ සේවාවක් සපයන්නේ නැත. ඔබ මේ පිළිබඳව පූර්ණ ලෙස විශ්වාසය තැබීමට පෙර ඔබේ ක්ලවුඩ් සේවා සැපයුම්කරුගේ නියමයන් සහ කොන්දේසි හොඳින් කියවන්න.

වෙනත් උපදෙස්

ඔබේ දත්ත උපස්ථ කිරීම සඳහා USB මතක , පටිගත කළ හැකි සංයුක්ත තැටි හෝ ඩීවීඩී භාවිතා නොකරන්න. මේවා මිල අඩු සහ පහසු ක්‍රමවේදයන් ලෙස පෙනුනද, ඒවා සීමිත ධාරිතාවක් ඇති අතර පහසුවෙන් නැති වීමට හෝ සොරකම් කරනු ලැබිය හැක. සීඩී සහ ඩීවීඩී මගින් ඔබේ දත්ත ලබාගැනීම කිරීමද ඉතා මන්දගාමී ය.

ඔබගේ දත්ත ඔබට අහිමි වීමේ අවදානම සෑම විටම පවතී – එබැවින් උපස්ථ සැලැස්මක් තබා ගන්න.

මෙන්න උපදෙස් කිහිපයක්
  • නිතිපතා උපස්ථ (Backup) කරන්න. ඔබ මෙය කොපමණ වාර ගණනක් කරන්නේද යන්න ඔබ අහිමි කර ගැනීමට අකමැති දත්ත කොපමණ කාලපරාසයකින් එකතු කරනවාද යන්න මත රඳා පවතී. සමහරුන්ට දිනපතා අවශ්‍ය වන අතර තවත් සමහරුන්ට මාසික උපස්ථයක් අවශ්‍ය ප්‍රමාණයයටත් වඩා වැඩිය.
  • ඔබගේ උපස්ථය වෙනත් ස්ථානයක ගබඩා කොට ඇති බවට වග බලා ගන්න. වෙනත් භෞතික ස්ථානයක අවම වශයෙන් එක් උපස්ථයක්වත් තබා ගන්න. ඕනෑම මොහොතක යමක් සිදුවිය හැකිය. ඔබගේ උපාංගය සහ උපස්ථ කළ දත්ත යන දෙකම සමඟ ඔබේ බෑගය සොරකම් කළ හැකිය. ඔබේ ලැප්ටොප් පරිගණකය ඇති ස්ථානයේ ජල හානියක් සිදුවිය හැකිය.
  • උපාංග අතර මාරුවීමේ පහසුව සඳහා, හොඳ ක්ලවුඩ් ගබඩා පද්ධතියක් ද ඉතා ප්‍රයෝජනවත් වේ. නමුත් ක්ලවුඩ් උපස්ථ පද්ධතියක් සමග භෞතික බාහිර hard තැටියක් හෝ USB උපාංගයක් භාවිතා කිරීම හොඳම ක්‍රමය වේ.
  • මුරපදයකින් ඔබගේ උපස්ථය ආරක්ෂා කරන්න, හැකි නම් ද්වි සාධක සත්‍යාපනය (Two Factor Authentication) භාවිතා කරන්න. සංවේදී දත්ත අඩංගුවන දෘඪ තැටි හෝ USB අස්ථාන ගත වීම සුලබව සිදු වේ .
  • ඔබගේ බැක්අප් උපාංග හානිකර මෘදුකාංග (මැල්වෙයාර්) රහිත දැයි පරීක්ෂා කරන්න.