මුල් පිටුව » ආරක්ෂිත සමාජ මාධ්‍ය භාවිතය » සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන හිරිහැර කිරීම්

සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන හිරිහැර කිරීම්

සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන හිරිහැර කිරීම්

වැඩි පිරිසක් අන්තර්ජාල භාවිතය සිදු කිරීමත් සමඟම සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන හිරිහැර කිරීම්ද පවතී. සමාජ මාධ්‍ය හරහා හෝ චැට් රූම්ස් වල (Chat Rooms) යම් පුද්ගලයෙකු පිළිබඳ පහත් හා අපහාසාත්මක අන්තර්ගතයන් බෙදා හැරීම මෙයට ඇතුළත් විය හැකිය.

මෙහිදී වඩාත්ම බරපතල තත්වය වන්නේ යමෙකු පුද්ගලයෙකුගේ පෞද්ගලික ඡායාරූප හෝ වෙනත් රහස්‍ය තොරතුරු බෙදා හැරිය විටය. එබැවින් ඔබ ඡායාරූපයක් හෝ වීඩියෝවක් අන් අය සමඟ බෙදා ගැනීමට පෙර අදාළ වීඩියෝවේ හෝ ඡායාරූපයේ පෙනී සිටින්නන්ගේ අවසරය ලබා ගත යුතුය. ඔබ යමක් අන්තර්ජාලයේ පල කිරීමට පෙර අන් අය ගැන සිතන්න. ඔබේ ක්‍රියාව හරහා තවත් කෙනෙකුට රිදවීමක් හෝ අපහසුතාවයට පත්වීමක් සිදු වනවාද යන්න සිතා බලන්න.

අන් අයට හොඳ මිතුරෙකු වන්න.

සයිබර් හිරිහැර කිරීම් වලට සහභාගී නොවන්න. යමෙකු ඔබට පහත් හෝ අපහාසාත්මක පණිවිඩයක් එවන්නේ නම්, එම පණිවිඩයේ තිර රුවක් (Screenshot) ලබා ගන්න. ඔබ එයට විරුද්ධ බව දැනුම් දෙන්න. ඔවුන් එය ඉවත් නොකරන්නේ නම්, එය වාර්තා කරන කරන්න. ඉන්පසු පණිවිඩය මකා දමන්න.

අන්තර්ජාලය තුල ආරක්ෂිතව සිටීමට අන් අයට උදව් කරන්න.

සයිබර් අවකාශයේ ඇති අවදානම් සම්බන්ධයෙන් ඔබ නොදන්නා පවුලේ අය සහ මිතුරන් දැනුවත් කරන්න.

කණ්ඩායම් සංවාදයකදී සයිබර් හිරිහැර කිරීම හෝ සමීප රූප බෙදාගැනීම ඔබ දුටුවහොත් ඊට එරෙහිව කතා කරන්න. එය වරදක් බවට ඔවුන් දැනුවත් කරන්න.