මුල් පිටුව » ආරක්ෂිත සමාජ මාධ්‍ය භාවිතය » සමාජ මාධ්‍ය භාවිතා කර තතුබෑම

සමාජ මාධ්‍ය භාවිතා කර තතුබෑම

සමාජ මාධ්‍ය භාවිතා කර තතුබෑම

සෝෂල් මීඩියා ෆිශින් යනු ඔබ දන්නාහඳුනන අයකුගේ සබදතාවය භාවිත කර ඔබව වංචනික ලෙස රවටා ඔබගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ ක්‍රමවේදයකි. ඔබගේ මිතුරෙකුගෙන්, ඥාතියෙකුගෙන් හෝ ඔබට සම්බන්ධ ආයතනයකින් (උදා: ඔබ මූල්‍ය කටයුතු සිදු කෙරෙන බැංකුව) යයි පවසමින් යම් පණිවුඩයක් ඔබට ලැබුන හොත් එම පණිවුඩයේ අඩංගු තොරතුරු ඔබ විශ්වාස කිරීමේ සහ ඒ අනුව ක්‍රියාත්මක වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී. ෆිශින් ප්‍රහාරයන් සඳහා බොහෝ විට බැංකුවක්, ව්‍යාපාරයක් හෝ රජයේ කාර්යාලයක් වැනි විශ්වාසවන්ත ආයතනයක් නියෝජනය කෙරෙමින් සකසන ලද ‘කොපි කැට්’ වෙබ් අඩවි නමින් හැඳින්වෙන නීත්‍යානුකූල වෙබ් අඩවියේ නිශ්චිත ආකෘතිය සහ අන්තර්ගතය පිටපත් කර සැකසු ව්‍යාජ වෙබ් අඩවි භාවිතා කෙරේ. ඔබට විශ්වාසවන්ත පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් යයි හැඟෙන ආකාරයක විද්‍යුත් තැපැල් පණිවුඩයක් හෝ සමාජ මාධ්‍ය හරහා එවන පණිවුඩයක් හරහා අදාළ ව්‍යාජ වෙබ් අඩවි වලට ලින්ක් එවීම සිදු කෙරේ. එම ලින්ක් හරහා නීත්‍යානුකූල වෙබ් අඩවියට සෑම අතින්ම සමාන ව්‍යාජ වෙබ් අඩවියට පිවිසුන විට ඔබගේ මුරපද, ක්‍රෙඩිට් කාර්ඩ් අංක, ඇතුළු පෞද්ගලික තොරතුරු එම වෙබ් අඩවියට ඇතුලත් කිරීමට ඔබව රවටා පොළඹවනු ලබයි. මීට අමතරව එම ලින්ක් මත ක්ලික් කිරීම හරහා ඔබගේ පරිගණකයට අනිෂ්ට මෘදුකාංග බාගත වීමද සිදු විය හැක.

සුලබව දැකිය හැකි ෆිශින් ප්‍රහාර සිදු කරන ආකාර
  • ඔබේ තොරතුරු “සත්‍යාපනය” කිරීමට සිදුවන ගැටළුවක් ඉදිරිපත් කිරීම.

    බැංකුවක්, රජයේ දෙපාර්තමේන්තුවක්, ඔබේ පාසල, හෝ ඔබ මිලදී ගැනීම් සිදු කරනු ලබන වෙබ් අඩවියක් ආකාරයෙන් පෙනී සිටිමින් ඔබට එවනු ලබන විද්‍යුත් තැපැල් පණිවිඩයක් හරහා ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් ඔබගේ මුරපද, PIN අංකය හෝ වෙනත් රහස්‍ය තොරතුරු ලබා දී ඔබගේ අනන්‍යතාවය සත්‍යාපනය කරන මෙන් ඉල්ලා සිටින අවස්ථා දැකිය හැකිය. මෙහිදී බොහෝ විට අදාළ ආයතනයේ පද්ධතිවල යම් වෙනසක් සිදු කෙරෙන නිසා එම තොරතුරු ඉතා ඉක්මනින් ලබා දෙන ලෙස ඉල්ලුම් කෙරෙන අතර එසේ නොකළ හොත් ගිණුම අවලංගු කිරීමක් සිදු කරන බවට අනතුරු අඟවා රහස්‍ය තොරතුරු හෙළි කිරීමට ඔබව පොළඹවනු ලැබේ.

  • ප්‍රධානියෙකු හෝ සහායකයෙකු ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීම

    රහස්‍ය තොරතුරු ඔබගෙන් විමසා සිටිය හැකිය. බොහෝ විට ඇමුණුමක් ලෙස සරල වර්ඩ් (word) හෝ එක්සෙල් (Excel) ලේඛන එවිය හැකි අතර ඒවායේඔබගේ ආයතන ප්‍රධානියා හෝ වෙනත් සේවකයකු ලෙස පෙනී සිටිමින් ආයතනයේ දැනට ක්‍රියාත්මක වන වැදගත් ව්‍යාපෘතියක් පිළිබඳ යාවත්කාලීන කිරීමක් හෝ වැටුප් වැඩිවීම් හෝ උසස්වීම් පිළිබඳ ද වෛරස අඩංගු විය හැකිය.

  • හදිසි උදව්වක් ලබා දෙන මෙන් ආයාචනා කිරීම

    ඔබගේ මිතුරකුගෙන් සමාජ මාධ්‍යක් හරහා ඔබට ලැබෙන පණිවිඩයක අදාළ මිතුරාගේ දේපල සොරාගෙන හෝ පහර කෑමකට ලක්ව යම් රටක සිර වී සිටින බව සඳහන් වී තිබිය හැකිය. මෙය බොහෝ විට ඔබගේ මිතුරාගේ සමාජ ජාල ගිණුම අත්පත් කරගත් වංචාකරුවකු විසින් ඔබගේ මිතුරා ලෙස පෙනී සිටිමින් ඔබව නොමග යැවීමට එවනු ලබන්නක් වන අතර මිතුරාට ඉන් නිදහස් වී ඒමට අවශ්‍ය වන මුදල් වංචනික බැංකු ගිණුමකට බැර කරන මෙන් ඉල්ලා ඔබගේ මුදල් වංචනික ලෙස ලබා ගැනීමට උත්සහ දරනු ලැබේ.

  • ස්පියර් ෆිශින්

    මෙයද ඔබගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමේ ක්‍රමයක් වන අතර ඔබගේ සගයකු, සේවකයෙකු හෝ ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ඔබ වෙත අන්තර්ජාලය හරහා එවනු ලබන පණිවිඩයකින් ඔබගේ වෙබ් අඩවි පිවිසුම් තොරතුරු (පරිශීලක නාම, මුරපද), සංවේදී සේවක දත්ත ඉල්ලා සිටීම හෝ ආසාදිත ඇමුණුමක් විවෘත කරන ලෙස ඉල්ලා සිටීම හෝ ලින්ක් එකක් ක්ලික් කරන ලෙස ඉල්ලා සිටීම හෝ සිදු කල හැකිය.