රැකියා සෙවීම්

රැකියා සෙවීම්

වර්තමානයේ රැකියා සොයා ගැනීම සහ ඒවාට ඉල්ලුම් කිරීම බොහෝ විට අන්තර්ජාලය හරහා සිදු වේ. එය වේගවත් මෙන්ම පහසුය. නමුත් ඇතැම් විට රැකියා සම්බන්ධව ව්‍යාජ දැන්වීම් පල කෙරෙන අතර ඒවායින් ප්‍රවේසම් වීම ඔබ සතුය.

විශේෂයෙන් ම;
  • රැකියා සැපයීම සම්බන්ධ වෙබ් අඩවි වල කිසි විටෙකත් පුද්ගලික තොරතුරු හෙළි නොකරන්න
  • පරිශීලක සමාලෝචන පරීක්ෂා කරන්න
ආරක්ෂිත රැකියා වෙබ් අඩවි ලියාපදිංචි කිරීම
  • රැකියා වෙබ් අඩවියක ලියාපදිංචි වන විට, පළමුව එම වෙබ් අඩවිය විශ්වාසවන්ත ස්ථිර ලිපිනයක් සහ ස්ථාවර දුරකථන අංකයක් සහිත වූවක් බව සහතික කරගන්න.
  • බොහෝ රැකියා වෙබ් අඩවි ඔබේ ප්‍රෝෆයිලය ‘පොදු’, ‘රහස්‍ය’ හෝ ‘පුද්ගලික’ (සෙවිය නොහැකි) ලෙස තබා ගන්නේද යන්න පිළිබඳව විකල්ප ලබා දෙයි. පිළිගත් වෙබ් අඩවි වල එම විකල්ප වල වෙනස පැහැදිලි කරනු ඇති අතර, ඔබට වඩාත් සුදුසු විකල්පය තෝරා ගත යුතුය.
  • ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය, රියදුරු බලපත්‍ර අංකය, බැංකු ගිණුම් තොරතුරු, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ උපන් දිනය වැනි පුද්ගලික තොරතුරු කිසි විටෙකත් හෙළි නොකරන්න.
  • ආරක්ෂිත මුරපදයක් තෝරාගෙන භාවිතා කරන්න, එය කිසිවෙකුට හෙළි නොකරන්න.
ආරක්ෂිත ජෛව දත්ත විස්තර (CV)

ඔබේ ජෛව දත්ත විස්තරයෙහි කිසි විටෙකත් ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර ආදී පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න.

වංචාවන් වළක්වා ගැනීම

ඔබගේ ජෛව දත්ත විස්තරය දැක ඇති සේවා යෝජකයෙකුගෙන් යැයි පැවසෙන විද්‍යුත් තැපෑලක් ඔබට ලැබුන හොත්, එහි සඳහන් සබැඳි ක්ලික් කිරීමේදී සැලකිලිමත් විය යුතු අතර එම රැකියා දැන්වීම ව්‍යාජ එකක් නොවන බවට තහවුරු කර ගන්න.

නිවසේ සිට වැඩ කිරීම සම්බන්ධ ව්‍යාජ දැන්වීම්

නිවසේ සිට වැඩ කිරීම සම්බන්ධ ව්‍යාජ දැන්වීම් වංචාකරුවන් අතර ප්‍රචලිතය. එබැවින් සාමාන්‍ය කාර්යයන් සඳහා විශ්වාස කල නොහැකි මට්ටමේ ගෙවීම් සහ ලාභදායී දීමනා ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන්න.

උපදෙස්
  • සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගී වීමට පෙර සේවා යෝජකයාගේ විශ්වාසවන්තභාවය සහ ඔබේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට සහතික කර ගත යුතුය.
  • අන්තර්ජාලය හරහා පමණක් ඔබ සමඟ සම්බන්ධ වී ඇති සමාගමක් සමඟ කිසි විටෙකත් ඔබගේ බැංකු තොරතුරු බෙදා නොගන්න.
  • විශේෂයෙන් වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මුල්‍ය හුවමාරුවක් අවශ්‍ය යැයි පවසන රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.