මාර්ගගත රැඩිකලීකරනය

මාර්ගගත රැඩිකලීකරනය

රැඩිකලීකරනය යනු රැඩිකල් ආගමික හෝ සංස්කෘතික අදහස් අන්තර්ජාලය තුළ ව්‍යාප්ත කිරීමට උත්සහ දැරීමයි. බොහෝ විට වෛරය හා ප්‍රචණ්ඩත්වය පැතිරවීම මෙහි අරමුණ වේ. සමහර විට ඇතැමුන් එවැනි අදහස්වලට නිරාවරණය වීම සිදුවන්නේ කුතුහලය නිසා හෝ චැට්රූම් වලට සම්බන්ධ වීම හරහාය. කෙසේ වෙතත්, යමෙකු මෙබඳු මාතෘකාවක් කෙරෙහි උනන්දුවක් දක්වන විට, වැඩි වැඩියෙන් ඒ සමාන තොරතුරු ඔහුගේ හෝ ඇයගේ වෙබ් පිටුවල දිස්වනු ඇත.
ඔබට රැඩිකල් යයි හැඟෙන තොරතුරු මාර්ගගතව හමු වූවේ නම් නොපැකිලිව ඒවා වාර්තා කරන්න. ඔබ ඒ කෙරෙහි අනවශ්‍ය උනන්දුවකින් සොයා බැලීම තව තවත් වැඩි වැඩියෙන් එබඳු තොරතුරු ඔබට වාර්තා වීමට සහ ඔබව හානිකර කණ්ඩායම්වල ගොදුරක් බවට පත්වීමේ අවධානමක්ද ඇති කරවයි.