මුල් පිටුව » ආරක්ෂිත සමාජ මාධ්‍ය භාවිතය » පළිගැනීම සඳහා අසභ්‍ය දර්ශන භාවිතය (රිවේන්ජ් පෝර්න්)

පළිගැනීම සඳහා අසභ්‍ය දර්ශන භාවිතය (රිවේන්ජ් පෝර්න්)

පළිගැනීම සඳහා අසභ්‍ය දර්ශන භාවිතය (රිවේන්ජ් පෝර්න්)

ඔබේ සහකරු (පෙම්වතා) සමඟ වුවද ඔබගේ ඡායාරූප බෙදා ගැනීමේදී සැලකිලිමත් වීමට එක් හේතුවක් නම්, සමහර විට ඔබගේ එම සම්බන්ධතාවය සාර්ථක නොවී බිඳී යාමට හැකි වීමයි. සමහර අවස්ථාවලදී ඔබේ හිටපු සහකරු ඔහු සතුව ඇති (හෝ ඔබගේ අනුදැනුමකින් තොරව ගත්) සංවේදී ඡායාරූප අන්තර්ජාලයේ පළ කිරීමේ හැකියාවක් පවතී. සමහර විට මෙය සිදු කරනුයේ පළිගැනීමේ චේතනාවෙන් හෝ පුද්ගලයෙකු බ්ලැක්මේල් කිරීමේ උත්සාහයක් වශයෙනි.

ඔබේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් මාර්ගගතව පළ කර ඇත්නම්, එය ඉවත් කිරීම සඳහා අදාළ සමාජ මාධ්‍යයේ හෝ වෙබ් අඩවියේ පරිපාලකයින් අමතන්න.