ට්‍රොලිං

ට්‍රොලිං

ට්‍රොලිං (Trolling)

“ට්‍රොලිං” යනු යමෙකු සයිබර් අවකාශය හරහා හිරිහැර කිරීමට භාවිතා කරන තවත් ආකාරයකි. යමෙකුට හානියක් කිරීමේ අරමුණින් මාර්ගගතව ද්වේශ සහගත හෝ හානිකර අදහස් පතුරුවා හැරීම මෙහිදී සිදු වේ.

පොදුවේ ගත් කල, සියලු ආකාරයේ හිරිහැර කිරීම් සඳහා පහත උපදෙස් පිළිපදින්න.
  • ඔවුන් සමඟ කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවන්න.
  • සාක්ෂි වශයෙන් තිර රුවක් ගන්න.
  • අදාළ පුද්ගලයාව අවහිර කරන්න.
  • අදාළ අංශ වලට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වාර්තා කරන්න.
  • ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කර සහාය ලබා ගන්න.