චැට් රූම්ස්

චැට් රූම්ස්

අන්තර්ජාලය හරහා හමුවන අය ඇසුරු කිරීමේදී ඔබ මතක තබා ගත යුතු වන්නේ ඔහු හෝ ඇය ඔබට පෙනෙන ආකාරයේ අයකු නොවිය හැකි වීමයි. එබැවින් ඔබ, අන්තර්ජාලය හරහා බෙදාගන්නා ඔබගේ තොරතුරු ගැන ඉතා සැලකිලිමත් විය යුතුය, විශේෂයෙන් ඡායාරූප බෙදා ගැනීමේදී, ඔබ ජීවත් වන ස්ථානය පිළිබඳ තොරතුරු හෙළි කිරීමේදී සැලකිලිමත් විය යුතුය.

ඔබට අන්තර්ජාලය හරහා මුණ ගැසුණු අයකු පෞද්ගලිකව හමුවීමේදී ප්‍රවේසම් වන්න. ඔබ එසේ හමු වන්නේ නම්, එම හමුව පොදු ස්ථානයක යොදා ගන්න. ඔබට විශ්වාසවන්ත කරන කෙනෙකු කැටුව යන්න.
ඔබට හිරිහැර කිරීමේ පණිවිඩ ලැබුන හොත් එම පණිවුඩ වල තිර දර්ශන ගෙන නිසි පරිදි සුදුසු ස්ථාන වෙත වාර්තා කරන්න.