වයිබර්

වයිබර්

වයිබර් යනු ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුමකි. එයට මිලියන 280 කට අධික පරිශීලකයින් ගණනක් ලියාපදිංචි වී ඇති අතර මිලියන 100 කට අධික සක්‍රිය මාසික පරිශීලකයින් ගණනක් භාවිතා කරයි. මෙම යෙදුම ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිට් යන මෙහෙයුම් පද්ධති දෙකටම භාවිතා කල හැකි අතර පණිවිඩ යැවීම, හඬ සහ වීඩියෝ ඇමතුම් සහ කණ්ඩායම් සන්නිවේදන ඇමතුම් ලබා ගැනීමට ඔබට ඉඩ සලසයි.
  1. ඔබගේ මාර්ගගත තත්වය වයිබර් හි සැඟවීමට, සැකසුම් (settings) අංශයට ගොස් “Privacy” තෝරා “Share ‘Online’ Status” හි ඇති හරි සලකුණ (√) ඉවත් කරන්න.
  2. වයිබර් ගිණුමෙහි ඇති ඔබේ ඡායාරූපය ඔබ සමග සම්බන්ධවන අයට ඔබව පහසුවෙන් හඳුනා ගැනීමට උපකාරී වේ, නමුත් ඔබට එය නොදන්නා පරිශීලකයින්ගෙන් සැඟවිය හැක. ඒ සඳහා “Privacy”, තෝරන්න, “Show your photo” හි ඇති හරි සලකුණ (√) ඉවත් කරන්න
  3. ඔබ පණිවිඩ දුටු විට හෝ කියවූ විට එය එවූ පුද්ගලයාට දැන්වීමට ඔබට අවශ්‍ය නැතිනම්, ඔබට එය සැකසිය හැකිය. සැකසුම් (settings) අංශයට ගොස් “Privacy” තෝරා “Send ‘seen’ status” හි ඇති හරි සලකුණ (√) ඉවත් කරන්න.
  4. ඔබගේ යෙදුම් වෙත ප්‍රවේශය අවහිර කිරීම සඳහා යෙදුම් අගුලක් (App lock) භාවිතා කිරීමෙන් කිසිවෙකුට ඔබගේ වයිබර් පුද්ගලික පණිවිඩ කියවීමට නොහැකි බව ඔබට සහතික කළ හැකිය. ඔබගේ ජංගම උපාංගයට යෙදුම් අගුලක් බාගන්න එවිට ඔබට ජෛවමිතික (biometric) / මුරපද (Password) අගුලක් හරහා යෙදුම අගුළු දැමිය හැකිය.

පූර්වාරක්ෂාවක් ලෙස ඔබට ඔබගේ වයිබර් ගිණුමෙන් සංවාද පිලිබඳ දත්ත මකා දැමීමට අවශ්‍ය විය හැකිය. මෙමගින් ඔබගේ ගිණුම අන් අයකු අතට පත් වුවද සංවේදී පණිවිඩ අන් අය අතට පත්වීම වලකී

  1. සැකසුම් (settings) අංශයට ගොස් “Privacy” තෝරන්න
  2. Personal data වෙත ගොස් Delete your data තෝරන්න
  3. Delete වෙත ගොස් එය තහවුරු කරන්න

අනවශ්‍ය පණිවිඩ, පුද්ගලිකත්වය වැනි වයිබර් සම්බන්ධ ගැටළු හෝ පැමිණිලි වයිබර් සහාය කණ්ඩායමට වාර්තා කළ හැකිය.

  1. සෘජුවම වාර්තා කිරීමට පහත සබැඳිය භාවිතා කරන්නHow can we help?
  2. ගැටළුව සම්බන්ධයෙන් පහත පෝරමය පුරවා ‘Submit Ticket’ ක්ලික් කරන්න

ඔබගේ වයිබර් ගිණුම හැක්වී ඇත්නම් හෝ වෙනත් අයෙකු ඔබගේ ගිණුම භාවිතා කරන්නේ නම් ගිණුම අක්‍රිය කිරීම හෝ ඉවත් කිරීම කල හැක

  1. settings වෙත ගොස් Account තෝරන්න
  2. Deactivate Account තෝරා ඔබගේ වයිබර් අංකය ඇතුලත් කරන්න . Deactivating Account මත ක්ලික් කරන්න