ආරක්ෂිත ජෛව දත්ත විස්තර (CV)
ඔබේ ජෛව දත්ත විස්තරයෙහි කිසි විටෙකත් ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර ආදී පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න.
වංචාවන් වළක්වා ගැනීම
ඔබගේ ජෛව දත්ත විස්තරය දැක ඇති සේවා යෝජකයෙකුගෙන් යැයි පැවසෙන විද්‍යුත් තැපෑලක් ඔබට ලැබුන හොත්, එහි සඳහන් සබැඳි ක්ලික් කිරීමේදී සැලකිලිමත් විය යුතු අතර එම රැකියා දැන්වීම ව්‍යාජ එකක් නොවන බවට තහවුරු කර ගන්න.
නිවසේ සිට වැඩ කිරීම සම්බන්ධ ව්‍යාජ දැන්වීම්
නිවසේ සිට වැඩ කිරීම සම්බන්ධ ව්‍යාජ දැන්වීම් වංචාකරුවන් අතර ප්‍රචලිතය. එබැවින් සාමාන්‍ය කාර්යයන් සඳහා විශ්වාස කල නොහැකි මට්ටමේ ගෙවීම් සහ ලාභදායී දීමනා ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන්න.
උපදෙස්
- සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගී වීමට පෙර සේවා යෝජකයාගේ විශ්වාසවන්තභාවය සහ ඔබේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට සහතික කර ගත යුතුය.
- අන්තර්ජාලය හරහා පමණක් ඔබ සමඟ සම්බන්ධ වී ඇති සමාගමක් සමඟ කිසි විටෙකත් ඔබගේ බැංකු තොරතුරු බෙදා නොගන්න.
- විශේෂයෙන් වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මුල්‍ය හුවමාරුවක් අවශ්‍ය යැයි පවසන රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.