තොරතුරු අධි හුවමාරුව

තොරතුරු අධි හුවමාරුව

අන්තර්ජාලය හරහා ලබා ගත හැකි තොරතුරු බොහොමයක් උකහා ගැනීමෙන්, සයිබර් ප්‍රහාරකයින්ට ඉලක්කගත හා වඩා ඵලදායී තතුබෑම් ප්‍රහාර දියත් කළ හැකිය.

  • ස්පියර් ෆිශින් යනු යමකු රැවටීම සඳහා යම් පුද්ගලයෙකුගේ තොරතුරු මත රඳා පවතිමින් එල්ල කරනු ලබන ෆිශින් ප්‍රහාරයකි.
  • අනිෂ්ට මෘදුකාංග බාගත වීම් වලට සම්බන්ධ සබැඳියන් (links) ඔබ දන්නා හඳුනන පුද්ගලයින් හරහා එවනු ලබන හෝ ඔබ සිදු කිරීමට කැමති ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින් එවනු ලබන විට එතරම් අවදානම් බවක් නොපෙනේ.
  • සමහර අවස්ථාවල නිවැසියන් විවේකය ගත කිරීම සඳහා නිවෙසින් බැහැරව සිටින බව අන්තර්ජාලය හරහා දැනගත් අපරාධකරුවන් නිවෙස් කොල්ල කෑම් සිදු කරන ලද අවස්ථා ද වාර්තා වී ඇත.

මෙබඳු ගැටළු වලට ගොදුරු වීමෙන් ආරක්ෂා වීමට ඔබගේ රහස්‍යතා සැකසුම් නිසි පරිදි සකසා ගැනීමට ප්‍රමාද නොවන්න. ඔබ අන්තර්ජාලය හරහා බෙදාගන්නා ඔබගේ තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන්න.