ශ්‍රී ලංකාවේ වාර්තා වූ අන්තර්ජාල වංචාවන් සහ එම වංචාවලින් ඔබේ පුද්ගලික තොරතුරු සහ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් තොරතුරු කිහිපයක් මෙහි දැක්වේ.
ලොතරැයි වංචා – ඔබ ලොතරැයියකින් විශාල මුදලක් හෝ අපූරු ත්‍යාග දිනාගෙන ඇති බව හෝ ඔබට ඇමරිකා එක්සත් ජනපදයට ග්‍රීන් කාඩ් ලොතරැයිය දිනාගෙන ඇති බව පවසමින් ඔබට විද්‍යුත් තැපෑලක්, කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලැබෙනු ඇත. මෙම වංචාවන් වලදී ත්‍යාගය ලබා ගැනීම සඳහා මුලින් මුදල් තැන්පත් කිරීමට හෝ නැතිනම් ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දීමට ඔබව පෙළඹවීම සිදු කෙරේ.
රැකියා ඇබෑර්තු වංචා – මෙම වංචාවන් වලදී ඔබට නිවසේ සිටම රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ව්‍යාපාරික අවස්ථා සඳහා ආයෝඡනය කරන ලෙස ඔබෙන් ඉල්ලයි. ලියාපදිංචිය සඳහා මුලික ගෙවීමක් කිරීමෙන් පසු ඉහළ වැටුපක් හෝ විශාල ආයෝජන ප්‍රතිලාභයක් සහිත රැකියාවක් ලබා දෙන බව පවසනු ලැබේ. මෙම වංචාවන් බොහෝ විට ඔබවෙත යොමු කරනුයේ අයාචිත විද්‍යුත් තැපැල් හෝ වෙබ් අඩවි වල හෝ සමාජ මාධ්‍ය වල පල කරනු ලබන දැන්වීම් මගිනි.
මාර්ගගත සාප්පු සවාරි වංචා – ප්‍රසිද්ධ වෙළඳ නාම සහිත භාණ්ඩ සඳහා “ලාභදායී වට්ටම්” ලබා දෙන බව පවසන ව්‍යාජ වෙබ් අඩවි තිබේ. මෙම බොහෝ වෙබ් අඩවි වලින් ජනප්‍රිය ඇඳුම්, ස්වර්ණාභරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි මිල අධික භාණ්ඩ ඉතා අඩු මිලට ලබා දේ. ඔබ භාණ්ඩය මිලට ගෙන මිල ගණන් ගෙවූ පසු ඔබට ව්‍යාජ භාණ්ඩයක් ලබා දීම හෝ කිසිඳු භාණ්ඩයක් නොලැබීම සිදු වනු ඇත.
මෙම වංචාවල නවතම ආකාරය වනුයේ ව්‍යාජ අන්තර්ජාල වෙළඳසැල් පිහිටුවීම සඳහා සමාජ මාධ්‍යයන් භාවිතා කිරීමයි. මෙම වෙළඳසැල් කෙටි කාලයක් සඳහා විවෘතව පවතින අතර බොහෝ විට ප්‍රසිද්ධ වෙළඳ නාම සහිත ඇඳුම් හෝ ආභරණ අලෙවි කෙරේ. අලෙවි කිරීම් ගණනාවක් සිදු කිරීමෙන් පසු භාණ්ඩ ලබා නොදී අන්තර්ජාල වෙළඳසැල අතුරුදහන් වේ. සමහර විට මෙම ව්‍යාජ විකුණුම්කරුවන් තම ව්‍යාජ වෙබ් අඩවි ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍යයන් ද භාවිතා කරති.
පුණ්‍ය කටයුතු සහ වෛද්‍යමය ආධාර සම්බන්ධ වංචාවන් – හොඳ අරමුණක් සඳහා පරිත්‍යාග කිරීමට කැමති ත්‍යාගශීලී පුද්ගලයින්ගෙන් වංචනිකයින් ප්‍රයෝජන ලබයි. වංචනිකයින් මේ සඳහා මෑත කාලීනව සිදුවූ ස්වාභාවික විපතක් හෝ ප්රවෘත්ති වල පළවූ අර්බුදයක් භාවිතා කළ හැකිය, නැතහොත් අසනීප වූ දරුවාකුගේ ශල්‍යකර්මයකට උදව් කරන ලෙස ඔවුන් ඔබෙන් ඉල්ලා සිටිය හැකිය. මෙබඳු වංචා ඊමේල්, සමාජ මාධ්‍ය පෝස්ට්, කෙටි පණිවිඩ හෝ දුරකථන ඇමතුම් වැනි බොහෝ ආකාරවලින් ඔබ වෙත පැමිණිය හැකිය.
ව්‍යාජ පාර්සල් බෙදා හැරීමේ වංචා- මෙම වංචාවලදී භාණ්ඩ බෙදා හැරීම සඳහා නිකුත් කිරීම සඳහා ගාස්තුවක් හෝ රේගු ගාස්තුවක් ගෙවිය යුතු බව සඳහන් ඊමේල්, කෙටි පණිවුඩ හෝ දුරකථන ඇමතුමක් ඔබට ලැබේ.
මෙම වංචාවන් වළක්වා ගැනීමට පහත සඳහන් උපදෙස් ඔබට උපකාරී වනු ඇත: