ව්‍යාජ පුවත්

ව්‍යාජ පුවත්

ව්‍යාජ පුවත් බොහෝ දුරට සමාජ මාධ්‍ය වල දක්නට ලැබෙන නමුත් ඇතැම්විට ප්‍රධාන මාධ්‍යවල සහ වෙබ් පිටුවල ද දැකිය හැකිය. ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීම සඳහා නිර්මාණය කර ඇති නොමඟ යවන සුළු පුවත් වන අතර මේවා බොහෝ දුරට සම්පූර්ණයෙන්ම අසත්‍ය විය හැකිය. ඕනෑම කෙනෙකුට තොරතුරු නිර්මාණය කිරීමට, ප්‍රකාශයට පත් කිරීමට සහ බෙදා ගැනීමට හැකි බැවින්, සත්‍ය සහ ව්‍යාජ දේ තෝරා බේරා ගැනීමට ඔබගේ විචාරාත්මක බුද්ධිය භාවිතා කල යුතුය..

යම් පුවතක් ඔබට ව්‍යාජ දැයි සැක සහිත නම්, එය පරීක්ෂා කරන්න.
  • ප්‍රභවය විශ්වසනීයද?
  • ඔබට සත්‍ය වශයෙන්ම තොරතුර පරීක්ෂා කළ හැක්කේ කොතැනින්ද?
  • ඡායාරූප ඇත්තද?

ව්‍යාජ ලෙස සකසන ලද ඡායාරූප සහ වීඩියෝ යථාර්ථවාදී ලෙස පෙන්වීම පහසු වන බව ඔබ මතක තබා ගත යුතුය. තවද අන්තර්ජාලය තුල ව්‍යාජ ලෙස සකස් කරන ලද බැලූ බැල්මට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ යැයි හැඟෙන ව්‍යාජ වීඩියෝ සහ ඡායාරූප ද දැකිය හැක.

සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ මෙබඳු ව්‍යාජ පුවත් පුද්ගලයන්ගේ කීර්ති නාමයට හානි පැමිණවීමට, විශ්වාසය පළුදු කිරීමට සහ දේශපාලන වාසි ලබා ගැනීමට ආදී කටයුතු වලට භාවිතා කිරීමයි. මෙබඳු ව්‍යාජ ගිණුම් හෝ වෙබ් අඩවි නිසි බලධාරීන් වෙත වාර්තා කිරීම හරහා ව්‍යාජ පුවත් සමාජය තුල සංසරණය වීම අවම කිරීමට ඔබට දායක විය හැකිය.